දෙදාස්නමේ මැයි දහඅට අපි උපරිමෙන් සතුටක් වින්දා. ඕක මැයිදහඅට එකපාරට වෙච්ච එකක් නෙවේනේ. දවස් ගාණක් තිස්සේ පොඩි බිම්තීරුවක් වටකරන් කරන් හමුදාව හිටියා. මහින්ද මහත්තයා රටෙන් පිටව ඉඳල (දා හත්වෙනිදා මං හිතන්නෙ) කටුනායකට ඇවිත් පොලව ඉඹින කොටම මිනිස්සු කතාවුනා යුද්ධෙ අහවර වග. හැබැයි දැන් හිතද්දි මැයි දහඅට කියන්නේ පට්ටම දුක දවසක්. මැයි දහඅට කියන්නේ අවුරුදු තුන-හතරක් තිස්සේ රටේ වියයුතුම වෙනස්කම් ගොඩක් කරපු පාලනයක් ඒ හරි වෙනස්කම් කරන එක නවත්තන්න පටන් ගත් තැන. ලංකාවේ දෙමළ ප්‍රශ්නෙ කියන්නේ අවුරුදු ගාණක් වණයක් වෙච්ච තුවාලයක්. ඒ තුවාලේ ඉවසන්න බැරි තැන සමහර දෙමළුන් ආයුධ අතට ගන්නවා. එතනින් නවතින්නැතුව සාමාන්‍ය සිංහල මනුස්සයට පීඩනයක් වෙන විදිහට දකුණේ මිනිස්සු මරන්න බෝම්බ පුපුරන්න පටන් ගන්නවා. ඒ තත්වෙ ඇතුලේ ලංකාවේ රජයට තිබුණු එකම විසඳුම ඒ කණ්ඩායම් විනාශ කරන එකයි. අවුරුදු නමයක් ගත වුනාට පස්සෙත් මගේ අදහස ඒකයි. ඒ දේ කිරීම සෑහෙන්න අමාරු වැඩක්. ආණ්ඩු ගාණකට කරන්න බැරි වුනු ඒ වැඩේ අවුරුදු හතරකින් ඉවර කරපුඑක නිකන් හීනයක් වගේ.
අපි පොඩි කාලේ දන්න දවසෙ ඉඳන් යුද්ධෙ තිබ්බා. ඇත්තටම කොටි සංවිධානය පරද්දන්න පුළුවන් කියලා ඒ කාලේ නායකයෝ තියා සාමාන්‍ය මිනිස්සුවත් හිතුවේ නෑ. ඒ දේ කරන්න පුළුවන් උනේ සෑහෙන සැලසුම් ගත වැඩ පිලිවෙලක් හරහා (ලංකා ඉතිහාසයේ හොඳම වෙන්නත් පුළුවන්) . සාමාන්‍ය සමාජයේ ගැරහීමට ලක්වෙලා හිටපු "ආමිකාරයා", රණවිරුවෙක් බවට පත්කරපු එකම කොච්චර අමාරු වැඩක්ද? ඒ වගේ මිනිස්සුන්ගේ මත හදන්න, වෙනස් කන්න පුළුවන් තරම් ප්‍රබල ව්‍යාපෘතියක් රජය ගෙනිච්චා. දෙවැනි කාරණේ මාධ්‍ය. රජය ගෙනියන්නේ මානුෂිය මෙහෙයුමක්, සාමාන්‍ය මිනිස්සු එක්කෙනෙක්වවත් මැරෙන්නෙ නෑ කියන මතේ ප්‍රබලව මිනිස්සු අතරට රජය ගෙනිච්චා. මේකත් සෑහෙන්න කරන්න අමාරු නමුත් කලයුතුව තිබුනු දෙයක්. ඇත්තෙන්ම හිතුවොත් ඔය විදිහෙ පාර්ශවික විනාශ (collateral damage)නැතුව යුද්ධ කරන්න මොනම හමුදාවකටවත් බෑ. යුද්ධෙකදි සාමාන්‍ය මිනිස්සු යම් ප්‍රමාණයක් අනිවාර්යක් මැරෙන එක වලක්වන්න බෑ. ගොඩක් වෙලාවට ලංකාවෙත් මේක වෙන්න ඇති (රාජිත ඕක එලිපිට කියලනේ කට්ටියගෙන් අහගත්තෙ). නමුත් එහෙම දෙයක් වෙන්නෙ නැති බව (මාත් ඇතුළුව) සාමාන්‍ය සිංහල මිනිස්සු ඒකාලේ පිලිගත්තා (දැනුත් පිලිගන්නවා වගේ රාජිතට හම්බුනු ප්‍රතිචාර දැක්කම). යුද්ධෙට ජන සහයක් ලැබෙන්න මේකත් විශාල හේතුවක් වුනා.
අවුරුදු ගාණක් තිස්සේ රටේ තිබ්බ හැම අවුලකටම නිදහසට කාරණේ උනේ යුද්දෙ. ඒ යුද්දෙ ඉවරකරපු විදිහට රටේ අනෙක් ප්‍රශ්නත් ඉවර කරන්න රජයට (රජය කිව්වාට ඇත්තෙන්ම මහින්ද මහත්තයට) ඉතිහාසේ ස්වර්ණයමය අවස්ථාවක් ඔය වෙලාවේ තිබ්බා. විශේෂයෙන් යුද්දෙ දිනල තුනෙන් දෙකක බලයක් අතට ගත්ත වෙලාවේ. ඒ දේ ඒ විදිහටම වෙයි කියන බලාපොරොත්තුව මට තිබ්බා. හිතන්නකො බලන්න ඒ වගේ බලයක්, සහයක් එක්ක හරි ඕනකමක් තිබ්බානං මොනවද කරන්න බැරී? මං මේ කියන්නේ හයිවේ , වරායවල් හදනවා වගේ ලොකු කතන්දර නෙවේ. 2/3ක් එක්ක ඇමතියෙක්, මන්ත්‍රියෙක් තරහ වෙනඑක ජනාදිපතිට ලොකු අවුලක් නෙවේ ඔය කාලේ. ඕනෙනං රටේ දූෂණය නැතිකරලාම දාන්න තිබ්බා. ලංකාව නීතිය හරියට වැඩකරන රටක් බවට පත්කරන්න තිබ්බා. රටේ අධ්‍යාපන / සෞඛ්‍ය ප්‍රතිපත්ති රටට හොඳවිදිහට වෙනස් කරන්න තිබ්බා. ලංකාවේ දෙමළ ප්‍රශ්නේ විසඳලා දාන්න තිබ්බා (ඒ වගේ ප්‍රබල තත්වයක් තියන්, ෆෙඩරල් ක්‍රමේකට ගියානං? ). තව දාහක් දේවල් !
හැබැයි රටේ අවාසනාවකට ඒ දේ වෙනුවට වඩා නාස්තිකාර පාරක යන්න මහින්ද මහත්තයා තීරණය කරා. මම තාම හිතනවා ඒ කාලේ මහින්ද මහත්තයා අවංකව උත්සාහයක් ගත්තා කියලා. උදාහරණෙකට මිනිස්සුන්ට දෙමළෙන් කතා කරන එක. ඒක මාර හොඳ උත්සාහයක් කියලයි මට හිතුනේ. ඔය කාලේ එ.ජා. සමුළුවකට ගිහිනුත් දෙමළෙන් කතා කරා මට මතක විදිහට. ඕක කරන්න ලේසි වැඩක්වත්, කලයුතුම වැඩකුත් නෙවේනේ. නමුත් ඒවගේ දෙයක් කරේ ප්‍රශ්නෙ විසඳන්න එතුමට අවංක හැඟීමක් තිබ්බ හින්දා කියලයි මං හිතන්නේ. කියමනක් තියනවා බලය දූෂිතයි (power corrupts) කියලා. කොච්චර හොඳ මිනිහෙක් මොනතරම් අවංක හැඟීමකින් උනත් විශාල බලයක් ඇතිතැනකට ගියෝතින්, ඔහු දූෂිතයෙක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ තැනට නොගිහින් රටට ඕන වෙනස්කම් ටික කරානං, මහින්ද මහත්තයට ලෝකෙම ශ්‍රේෂ්ට නායකයෙක් විදිහට විශ්‍රාම ගන්න තිබ්බා කියන එකයි මගේ හැඟීම. මැයි දහඅට කියන්නේ ඒ අවස්ථාවට පයින්ගහන්න එතුමා පටන්ගත්ත මොහොත. ඒ ගැන දුකක් ඇතිවෙන එක සාධාරණයි නේද?
![]() |
Source: Dailynews.lk |

++++++++++
ReplyDelete