Skip to main content

බයි ටොයි ගැටුම සුරකිමු!

පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්මා නම් කිරීමත් එක්ක විපක්ෂය කැළඹීමට පත්ව ඇතිබවක් පේනවා. ඒ අතර ගෝඨාභය හා තරඟ කරන්න "දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්" දමන බව එජාපයේ රංජන් රාමනායක මහතා කියලා තියෙනවා. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් කියලා මේ කෙකර ගගා කියන්නෙ සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයට නම්කරන්න උත්සාහ කරන බවයි. සජිත් ගෝඨාභයට තරඟයක් දෙන්න පුළුවන් බව හිතෙන්නෙ සජිත්ට ගෝඨාභයට සමාන ඡන්ද පදනමක් ඇති හින්දයි. මේ පදනම ග්‍රාමීය, අර්ධ ග්‍රාමීය සිංහල බෞද්ධ පදනමයි. ජනප්‍රිය අපේක්ෂකයෙක්ට සමාන පදනමක් ඇති වෙනත් අපේක්ෂකයෙක් නම් කරන්න එජාපය උත්සාහ කරන මුල් අවස්ථාව මෙය නෙවේ. මීට කලින් සරත් ෆොන්සේකා මහත්මා ඉදිරිපත් කරමින් කලෙත් මේ හා සමාන දෙයකුයි. මේ උපාය හින්දා කෙටිකාලීනව හෝ දිගුකාලීනව රටට හෝ එජාපයට සෙතක් නොවන බව මගේ අදහසයි.

මේ වෙලාවේ ගෝඨාභයට ලොකු ඉල්ලුමක් රටේ ඇති බව ඇත්තක්. මේ ඉල්ලීම කරන්නෙ බහුතරයක් සිංහල-බෞද්ධ, ත්‍රස්තවාදයට සංවේදී, නාගරික ලස්සන ගැන සංවේදී, හොඳින් හෝ නරකින් රට ලස්සන කලයුතුයි හිතන ජනයා. ගෝඨාභය නියෝජනය කරන්නෙ මේ ඉල්ලීමයි. මේ ප්‍රවාහයට ලඟින්ම තැබිය හැකි අපේක්ෂකයා සජිත් (පාඨලීත් හොඳ යෝජනාවක්). නමුත් සජිත් ඉදිරිපත් වෙන එක කෙටිකාලීන විසඳුමක් නොවන්නේ ඇයි? හේතුව සජිත් ගෝඨාභය නොවන හින්දයි! සජිත් කොච්චර උත්සාහ කරත් සජිත්ට වඩා ගෝඨාභය ගෝඨාභයට සමානයි. ඒ හින්දා ගෝඨාභගේ චරිතය ඉල්ලන ඡන්දෙකින් ගෝඨාභය පරද්දලා සජිත්ට දිනන්න හැකියාවක් නෑ. ඒක අවස්ථාව නාස්ති කිරීමත් පමණයි. ඇත්තටම 2010දී ෆොන්සේකා මහත්මාට උනෙත් මේ දේම තමා. මහින්ද නියෝජනය කල දේට ඉතා සමීප ආදේශකයක් උනත් ෆොන්සේකාට මහින්ද තරම් මහින්ද කෙනෙක් වෙන්න බැරිඋනා!

ලංකාව ගැන දැනුවත් හැමෝම දන්නවා ලංකාවේ දේශලපාලනය දැන ධ්‍රැවීකරණය වෙලා තියෙන්නෙ ටොයියා- බයියා බෙදීම ඇතුලෙ. මේක ගම-නගරය බෙදීමක්වත් පොෂ්-ගොඩේ බෙදීමක්වත් තරම් සරල නැහැ. මේ ඇතුලෙ තියෙන්නෙ ඉතා සියුම් දේශපාලන බෙදීමක්. මේක ඇත්තටම Republican - Democratic බෙදීමට ගොඩක් සමානයි.

බයියා - Democratic ලක්ෂණ පහල කරනවා. රටේ තීරණ බහුතරය මත පදනම් වෙන්න ඕන, පුද්ගලික නිදහස එතරම් වැදගත් නැහැ කියන එකයි බයි මතය. උදාහරණෙකට ලංකාව සිංහල බහුතරයක් ඉන්න රටක්. සිංහලය ප්‍රමුඛ සංස්කෘතිය කරන් අනික් අය ඒ වටා හැඩගැහෙන්න ඕන කියලා බයියෝ කියනවා. Democratic වලට අදාලත්වයක් නැතත් ටිකක් හොරකං කරලා හරි රට ගොඩදාන්න පුළුවන් දැඩි පාලනයකට තමා බයියො පක්ෂ.

ටොයියා - වැඩියෙන් Republican ලක්ෂණ තියෙන කට්ටියක්. කුඩා කණ්ඩායම් වල පැවැත්ම හා අදහස් දැක්වීම ගැන සංවේදියි. නිදහස් චතුරස්රයේ කිස් කරන්න තියෙන නිදහස වගේ රටේ බහුතරයක් සංවේදී නැති ප්‍රශ්න කතා කරන්න පෙළඹෙන්නෙ ඒ හින්දා. ආගමික නිදහස, බලය බෙදීම වගේ දේවල් වලදී ටොයියො වඩා විවෘතයි. ටොයියො දූෂණයට විරුදධ ජාතියක්. මහබැංකු චෝදනාවලින් පස්සේ ටොයියො ගොඩක් රනිල්ව අතහරින්නේ මේ හේතුව හින්දයි. 

දැන් මේ මතවාද දෙකෙන් මොකක්ද හරි කියන එක විවාදාත්මකයි. එක මතයක් නිරපේක්ෂව හරියි කියන්න බැහැ. ඒ ගැන මිනිස්සු සංවාද කරන්න ඕන. ඒකයි වෙන්න ඕන. හැබැයි, පක්ෂ දෙකෙන් ඔය මතවාද දෙකෙන් එකකට අදාල දෙන්නෙක් දෙපැත්තෙන් දැම්මොත් මොකද වෙන්නේ? එහෙම උනොත් පුද්ගලයෝ දෙන්නම නියෝජනය කරන්නෙ එකම මතයි. එතකොට ඡන්දෙ පිලිබඳ සංවාදය පුද්ගල සංවාදයකට යනවා. එතකොට අපේක්ෂකයෝ කතා කරන්නෙ අහවල් අපේක්ෂකයට තරහ යනවද, කෑම හදපු කෝකියාට මොකද කරේ, නිදන කාමරේ ඇක්ටිව්ද වගේ රටට වැදගත් නොවන කාරණා.

2015දී ටොයි මතවාදය දින්නට පහුගිය අවුරුදු හතරේ බයි මතවාදී ආණ්ඩුව අසාර්ථක වෙලා තියෙනවා. සහරාන්ගේ ප්‍රහාරය එහි උච්ඡතම තැනයි. ඒ හින්දා ආණ්ඩුව ෆේල් - කතා දෙකක් නෑ. නමුත් ටොයි මතවාදය වැරදියි කියන එක ඒකෙන් අදහස් වෙනවාද? අද සජිත් නම් කරන්න එජාපයට තියෙන පෙළඹුමෙන් පේන්නේ ටොයි මතවාදය වැරදියි කියන නිගමනයට පක්ෂයක් විදිහට ඇවිත් තියෙන වගයි. සජිත් කියන්නෙත් බයි මතයට පෙනී හිටින කෙනෙක් (දැනට පේන විදිහට). නමුත් එහෙම කිරීමනේ රටේ ඇතිවෙන්න පුළුවන් බුද්ධියට අමතන්න පුළුවන් සංවාදයකට ඉඩ නැතිවෙලා පුද්ගලික දේවල් කතාවෙන ඕලාරික මැතිරවණ ව්‍යාපාරයක් ඇතිවෙනවගයි මගේ අදහස. ඒ හින්දා සජිත් අවොත් දිගුකාලීන රටට වෙන දෙයක් නෑ කියලයි මම හිතන්නේ.

එහෙනං බයි මතය නියෝජනය කරන්න පුළුවන් 2020 බලවේගය කවුද? කවුරුත් නෙවේ ඒ අනුර කුමාරයි. දැනට ජාතික ජනතා ව්‍යාපාරයෙන් ඉදිරිපත් කරලා තියෙන අනුරට සහය දක්වන්න තරම් කොන්දක් එජාපෙට තිබ්බොත් ඉදිරි මැතිවරණය කතා කරන්න දේවල් තියෙන මැතිවරණයක් වේවි!


Comments

Popular posts from this blog

සකර්බර්ග් අයිය්‍ෙ, කීයක් හරි දියන්!

අද අප්‍ෙ කතාවේ කතානායකයන්ගෙන් එක්කෙනෙක් වෙච්ච අපේ හිතාදර සකර්බර්ග් අයියා (වමේ). Source: vox.com අද ලෝකෙ සමාගමකට සල්ලි වලට ගන්න අමාරුම දේ මොකක්ද කියල ඇහුවොත් මොකක් කියලද හිතන්නේ? අමුද්‍රව්‍ය? නිදහසේ භාණ්ඩ එහා මෙහා යන ලෝකෙ, සල්ලි තියෙනවනං අමුද්‍රව්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්ණයක් නෙවේ; මිනිස් ශ්‍රමය උනත් එහෙමයි. මට හිතෙන හැටියට සමාගමකට සල්ලි දීලා ගන්න අද අමාරු එකම දේ ‘තොරතුරුයි’. කෙනෙක්ට හිතෙන්න පුළුවන් තොරතුරු උනත් සල්ලි දීලා ගන්න පුළුවන්නෙ කියලා. ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියනවා. හැබැයි සල්ලි තිබ්බ පලියට ඕනම තොරතුරක් සල්ලි වලට ගන්න බෑ. සල්ලි දීලා ගන්න පුළුවන් නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු විතරයි. උදාහරණෙකට, ලංකාවෙ තියෙන මහාමාර්ග වල දිග කියන්නෙ තොරතුරක්; ලංකාවෙ කොටස් මිල දර්ශකයේ අගය කියන්නෙ තොරතුරක්. හැබැයි මේවා නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු. ඕන කෙනෙක්ට ඇවිත් බලල මැනලා ඒ දේවල් දැනගන්න පුළුවන් බාධාවක් නැතිව. සල්ලි තියෙන කෙනෙක්ට පුළුවන් කාටහරි සල්ලි දීලා මේ තොරතුරු ලබාගන්න. එතකොට සල්ලි වලට ගන්න බැරි/අමාරු තොරතුරු මොනවද? එහෙම ඒවා ගොඩක් තිබ්බට අද මම කතාකරන්නෙ ඒවා අතරින් ගන්න...

මිනිසා පරදන මැෂින් මොළේ!

මේ වගේ පෙනුම විතරයි වැඩ නැති මැෂින් ගැන නෙවේ අද කතාව! Source:http:www.onestop.lk යන්ත්‍රවලට මිනිස්සුන්ට වඩා ඇතැම් දේවල් හොඳින් කරන්න පුළුවන් බව අපි කවුරුත් දන්න දෙයක්නේ. සාමාන්‍යයෙන් මොනවද මේ දේවල්? වාහනයකට පුළුවන් මිනිස්සු ගාණක් උස්සන් යන දේවල් එකපාර ප්‍රවාහනය කරන්න. මහන මැෂිමකට පුළුවන් මිනිහෙක්ට වඩා ඉතා වේගයෙන් මැහුම් කටයුතු කරන්න. කාර්මික රොබොවකුට පුළුවන් මිනිහෙක්ට කරන්න බැරි හරි සියුම් කැපීම් කරන්න.  මේ වගේ තව උදාහරණ තියෙන්න පුළුවන්. නමුත් මේ හැම උදාහරණෙකම පොදු ලක්ෂණයක් තියෙනවා. යන්ත්‍රය මොකක් හරි අංශයකින් මිනිහාට වඩා හොඳින් වැඩේ කරන බව ඇත්ත. නමුත් කරන්න ඕන වැඩේ මොකක්ද කියලා "හිතලා" කරන්න යන්ත්‍රයට පුළුවන් කමක් නෑ. ඒ දේ කියලා දෙන්න මිනිහෙක් ඉන්න ඕන. හැබැයි මේක සාම්ප්‍රදායික යන්ත්‍ර වලට අදාල දෙයක් විතරයි. 1900 ගණන් වල එනවා කෘතීම බුද්ධිය කියලා සංකල්පයක් (මැෂින් මොළේ කිව්වෙ ඔන්න ඕකටයි මං. සිංහල වචන සෑහෙන බරසාරයි. නැද්ද?). මෙච්චර කල් කියපු දේ කරන් හිටපු යන්ත්‍රවලට, අළුත් තත්ව යටතේ තීරණ ගන්න පුළුවන්ද කියලයි මෙතැනදි මිනිස්සු හොයලා බැලුවේ. උදාහරණෙකට, අපි ගමුකො වාහනයක්. ම...

මැයි දහ-අට ගැන හිතද්දිත් දුකයි!

දෙදාස්නමේ මැයි දහඅට අපි උපරිමෙන් සතුටක් වින්දා. ඕක මැයිදහඅට එකපාරට වෙච්ච එකක් නෙවේනේ. දවස් ගාණක් තිස්සේ පොඩි බිම්තීරුවක් වටකරන් කරන් හමුදාව හිටියා. මහින්ද මහත්තයා රටෙන් පිටව ඉඳල (දා හත්වෙනිදා මං හිතන්නෙ) කටුනායකට ඇවිත් පොලව ඉඹින කොටම මිනිස්සු කතාවුනා යුද්ධෙ අහවර වග. හැබැයි දැන් හිතද්දි  මැයි දහඅට කියන්නේ පට්ටම දුක දවසක්. මැයි දහඅට කියන්නේ අවුරුදු තුන-හතරක් තිස්සේ රටේ වියයුතුම වෙනස්කම් ගොඩක් කරපු පාලනයක් ඒ හරි වෙනස්කම් කරන එක නවත්තන්න පටන් ගත් තැන.  ලංකාවේ දෙමළ ප්‍රශ්නෙ කියන්නේ අවුරුදු ගාණක් වණයක් වෙච්ච තුවාලයක්. ඒ තුවාලේ ඉවසන්න බැරි තැන සමහර දෙමළුන් ආයුධ අතට ගන්නවා. එතනින් නවතින්නැතුව සාමාන්‍ය සිංහල මනුස්සයට පීඩනයක් වෙන විදිහට දකුණේ මිනිස්සු මරන්න බෝම්බ පුපුරන්න පටන් ගන්නවා. ඒ තත්වෙ ඇතුලේ ලංකාවේ රජයට තිබුණු එකම විසඳුම ඒ කණ්ඩායම් විනාශ කරන එකයි. අවුරුදු නමයක් ගත වුනාට පස්සෙත් මගේ අදහස ඒකයි. ඒ දේ කිරීම සෑහෙන්න අමාරු වැඩක්. ආණ්ඩු ගාණකට කරන්න බැරි වුනු ඒ වැඩේ අවුරුදු හතරකින් ඉවර කරපුඑක නිකන් හීනයක් වගේ. Source: Dailynews.lk අපි පොඩි කාලේ දන්න දවසෙ ඉඳන් යුද්ධෙ තිබ්බා. ඇත්තටම ...