Skip to main content

Posts

Showing posts from June, 2018

රැග්කිරීම ලෝකයට ගෙනියමු!

පහුගිය දා  කට්ටාකාඩුවේ ලොකු අයියයි යකා අඩවියේ  යකා මහත්තයයි  රැග් සීසන් එක ගැන ලිපි දෙකක් ලියලා තිබ්බා දැක්කම මටත් හිතුනා ඒ ගැන වචනයක් දෙකක් ලියන්න. ලංකාවේ කැම්පස් වල මුල් දවස්ටිකේ වෙන දවස්වලට වඩා වෙනස් කටයුතු කීපයක් වෙනබව කට්ටියම දන්නවනෙ. ඕකට සමහරු කියනවා රැග් එක කියලා. ඔව්වා කාපුඅය ඒකට කියන්නෙ “ශිෂ්‍ය අනුගතකරණය” කියලා. ශිෂ්‍ය සංගංවල මහත්තුරුනං කියන්නෙ එහෙම දෙයක් නෑ කියලයි. එක එක අය එක එක නම් කියන හින්දා, මේ ලිපිය ඇතුලේ ඔය සංසිද්ධිය “වාතවීම” කියල හදුන්වමුකො. මුලින්ම කියන්න ඕන මේක ලියන මමනං ඔය සංසිද්ධිය අත්දැකලා නැති බව. ඒ හින්දා මේ ලියමනේ වැරැද්දක් අඩුපාඩුවක් දැක්කොත් වාත වුනු ඇත්තො පෙන්නලා දෙන්න ඕන හරිය?  දැන් ඔය වාතවීම වාත වෙනකාලෙදිනන් පට්ට වාතයක් කියල හිතුනට, පස්සෙ කාලෙකදී ඒ අයට ඒ ගැන ලොකු අවුලක් නැතිපාටක් තමා පේන්නෙ. බොරුනං වාතවුනු කෙනෙක්ගෙන අහල බලන්නකො. මම ඇහුවමනං ඒ අය කියන්නෙම ඒක මාර අත්දැකීමක් කියලයි. සමහරු (මේ සමහරු කියලා කිව්වෙ වටින් බලන් ඉදලා පණ්ඩිතකම් කියන උදවිය) කියනවා වාතවුනාට පස්සෙ වාතෙ වාතයි කියල පිලිගන්න ලැජ්ජා හින්දා කට්ටිය බොරු කියනවා කියලා. සමහරු කියනවා වාත වෙන අ