Skip to main content

Posts

Showing posts from May, 2018

ජාතික කොඩියෙන් කැරලිකරුවන් සැමරීම

අද* ඇමරිකාවේ නිවාඩු දවසක්. ලංකාව වගේ මාසකෙට නිවාඩු තුන හතරක් නැති ඇමරිකාවේ නිවාඩු දිනයක් නම් වෙන්නෙ සුවිශේෂි හේතුවකට. අද නිවාඩු දිනේ යුද්ධයෙන් මියගියපු සොල්දාදුවන් සිහිකිරීම වෙනුවෙන්. ඇමරිකාවේ සොල්දාදුවෙක් කිව්වම අපිට මතක් වෙන්නේ කොරියාවේ, ඉරාකයේ හරි ඇෆ්ගන්ස්ථානේ හරි ආක්‍රමණයක් කරපු සොල්දාදුවෙක්ව. හැබැයි ඇත්තටම මේ නිවාඩු දිනේ අවුරුදු ගාණක් පරණ නිවාඩුවක්. මුල්වරට මේ දිනේ සමරල තියෙන්නේ 1861 දී - ඒ සැමරුම ඇමරිකන් සිවිල් යුද්ධය වෙනුවෙන්. අද මං කට්ටිය‍ට ඇමරිකන් සිවිල් යුද්දෙ ගැන පොඩි විස්තරයක් දෙන්නයි හදන්නෙ. ඕක ගැන දන්න කෙනෙක් ඉන්නවනං පල්ලෙහා විස්තරේ කියවන්නැතුව අන්තිම ඡේදෙට යන්න තරහා නැතුව! මේ තියෙන්නේ ආර්ලින්ග්ටන් නුවර තියෙන කොන්ෆෙඩරේට් සොහොනක්. මැයි 28 සැමරුම වෙනුවෙනුයි ඇමරිකන් කොඩි ගහල තියෙන්නේ (Image Source: familylocket.com). සිවිල් යුද්දෙ කිව්වට ඇත්තටම ඇමරිකාවෙ සිවිල් යුද්ද දෙකක්ම වෙලා තියෙනවා. කට්ටියම දන්නවනෙ ඇමරිකාවෙ මුලින් හිටියේ ස්වෙද්ශිකයන් කියලා. 1492දි කොලොම්බස් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට ගොඩබැස්සට පස්සෙ තමා ඇමරිකාව කියලා අයිටම් එකක් තියෙනවා කියල සුද්දො දැනගත්තෙත්.

විනයක් නැතිකමත් ඇණයක්

මේ ඉන්නෙ මං කියන විදිහෙ හදිස්සිකාරයෝ දෙන්නෙක්! (Image Source: cdn.merchantmaverick.com) ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු ටික එක්කහු කරගත්තම ආයෙත් පාරක් චෙක් කරලයි බඩු ටිකත් දෙන්නෙ. කොහොම හරි බඩු ටික අරන් ඉවර වෙද්දි විනාඩි විස්සක් තිහක් ගිහිල්ලා.  ඔන්න ඔහොම වාත වෙවී ඉද්දි තමා ලංකාවට සුපර්මාර්කට් ආවේ.සුපර්මාර්කට් එකේ අපිට ඕන බඩු ටික කරත්තෙට දාගෙන ආවම, ලස්සනට ඇදල ඉන්න කැෂියර් නංගි (හෝ අක්කා) කැෂියර් එකෙන් ටකස් ගාලා බිල දාලා දෙනවා. වැඩේ හරි පහසුයි. පහසුවටත් වඩා ඔව්වට මිනිස්සු යන්නේ ආතල් එකට කියලයි ජෙහාන් ලොක්කනං කියන්නෙ (ග්‍රීස්මේ ඉවසගන්න බැරිව ඒ.සී. එක හොයන් එන අයත් නැතුවම නෙවේ). මට හිතෙන්නෙ නං ආතල් එක ද්වීතීකයි කියලයි.  මිනිස්සුන්ට වෙන ලේසිය ගැන හිතලමද කොහෙද ටික කාලයක් ගියාට පස්සේ ඔව්වයින්ම බිල් ගෙවන්නත් අවස්ථාව දුන්නා. අන්තිමට, කඩේ බඩු ගත්ත ඈයොන්ට වඩා බිල් ගෙවන උදවිය වැඩිඋනා!කොහොම හරි මං කියන්න හැදුවේ සුපර්මාර්කට් එකේ කැෂියර් පෝලිම සෑහෙන්න

සකර්බර්ග් අයිය්‍ෙ, කීයක් හරි දියන්!

අද අප්‍ෙ කතාවේ කතානායකයන්ගෙන් එක්කෙනෙක් වෙච්ච අපේ හිතාදර සකර්බර්ග් අයියා (වමේ). Source: vox.com අද ලෝකෙ සමාගමකට සල්ලි වලට ගන්න අමාරුම දේ මොකක්ද කියල ඇහුවොත් මොකක් කියලද හිතන්නේ? අමුද්‍රව්‍ය? නිදහසේ භාණ්ඩ එහා මෙහා යන ලෝකෙ, සල්ලි තියෙනවනං අමුද්‍රව්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්ණයක් නෙවේ; මිනිස් ශ්‍රමය උනත් එහෙමයි. මට හිතෙන හැටියට සමාගමකට සල්ලි දීලා ගන්න අද අමාරු එකම දේ ‘තොරතුරුයි’. කෙනෙක්ට හිතෙන්න පුළුවන් තොරතුරු උනත් සල්ලි දීලා ගන්න පුළුවන්නෙ කියලා. ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියනවා. හැබැයි සල්ලි තිබ්බ පලියට ඕනම තොරතුරක් සල්ලි වලට ගන්න බෑ. සල්ලි දීලා ගන්න පුළුවන් නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු විතරයි. උදාහරණෙකට, ලංකාවෙ තියෙන මහාමාර්ග වල දිග කියන්නෙ තොරතුරක්; ලංකාවෙ කොටස් මිල දර්ශකයේ අගය කියන්නෙ තොරතුරක්. හැබැයි මේවා නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු. ඕන කෙනෙක්ට ඇවිත් බලල මැනලා ඒ දේවල් දැනගන්න පුළුවන් බාධාවක් නැතිව. සල්ලි තියෙන කෙනෙක්ට පුළුවන් කාටහරි සල්ලි දීලා මේ තොරතුරු ලබාගන්න. එතකොට සල්ලි වලට ගන්න බැරි/අමාරු තොරතුරු මොනවද? එහෙම ඒවා ගොඩක් තිබ්බට අද මම කතාකරන්නෙ ඒවා අතරින් ගන්න

මැයි දහ-අට ගැන හිතද්දිත් දුකයි!

දෙදාස්නමේ මැයි දහඅට අපි උපරිමෙන් සතුටක් වින්දා. ඕක මැයිදහඅට එකපාරට වෙච්ච එකක් නෙවේනේ. දවස් ගාණක් තිස්සේ පොඩි බිම්තීරුවක් වටකරන් කරන් හමුදාව හිටියා. මහින්ද මහත්තයා රටෙන් පිටව ඉඳල (දා හත්වෙනිදා මං හිතන්නෙ) කටුනායකට ඇවිත් පොලව ඉඹින කොටම මිනිස්සු කතාවුනා යුද්ධෙ අහවර වග. හැබැයි දැන් හිතද්දි  මැයි දහඅට කියන්නේ පට්ටම දුක දවසක්. මැයි දහඅට කියන්නේ අවුරුදු තුන-හතරක් තිස්සේ රටේ වියයුතුම වෙනස්කම් ගොඩක් කරපු පාලනයක් ඒ හරි වෙනස්කම් කරන එක නවත්තන්න පටන් ගත් තැන.  ලංකාවේ දෙමළ ප්‍රශ්නෙ කියන්නේ අවුරුදු ගාණක් වණයක් වෙච්ච තුවාලයක්. ඒ තුවාලේ ඉවසන්න බැරි තැන සමහර දෙමළුන් ආයුධ අතට ගන්නවා. එතනින් නවතින්නැතුව සාමාන්‍ය සිංහල මනුස්සයට පීඩනයක් වෙන විදිහට දකුණේ මිනිස්සු මරන්න බෝම්බ පුපුරන්න පටන් ගන්නවා. ඒ තත්වෙ ඇතුලේ ලංකාවේ රජයට තිබුණු එකම විසඳුම ඒ කණ්ඩායම් විනාශ කරන එකයි. අවුරුදු නමයක් ගත වුනාට පස්සෙත් මගේ අදහස ඒකයි. ඒ දේ කිරීම සෑහෙන්න අමාරු වැඩක්. ආණ්ඩු ගාණකට කරන්න බැරි වුනු ඒ වැඩේ අවුරුදු හතරකින් ඉවර කරපුඑක නිකන් හීනයක් වගේ. Source: Dailynews.lk අපි පොඩි කාලේ දන්න දවසෙ ඉඳන් යුද්ධෙ තිබ්බා. ඇත්තටම කොටි සංවි

මිනිසා පරදන මැෂින් මොළේ!

මේ වගේ පෙනුම විතරයි වැඩ නැති මැෂින් ගැන නෙවේ අද කතාව! Source:http:www.onestop.lk යන්ත්‍රවලට මිනිස්සුන්ට වඩා ඇතැම් දේවල් හොඳින් කරන්න පුළුවන් බව අපි කවුරුත් දන්න දෙයක්නේ. සාමාන්‍යයෙන් මොනවද මේ දේවල්? වාහනයකට පුළුවන් මිනිස්සු ගාණක් උස්සන් යන දේවල් එකපාර ප්‍රවාහනය කරන්න. මහන මැෂිමකට පුළුවන් මිනිහෙක්ට වඩා ඉතා වේගයෙන් මැහුම් කටයුතු කරන්න. කාර්මික රොබොවකුට පුළුවන් මිනිහෙක්ට කරන්න බැරි හරි සියුම් කැපීම් කරන්න.  මේ වගේ තව උදාහරණ තියෙන්න පුළුවන්. නමුත් මේ හැම උදාහරණෙකම පොදු ලක්ෂණයක් තියෙනවා. යන්ත්‍රය මොකක් හරි අංශයකින් මිනිහාට වඩා හොඳින් වැඩේ කරන බව ඇත්ත. නමුත් කරන්න ඕන වැඩේ මොකක්ද කියලා "හිතලා" කරන්න යන්ත්‍රයට පුළුවන් කමක් නෑ. ඒ දේ කියලා දෙන්න මිනිහෙක් ඉන්න ඕන. හැබැයි මේක සාම්ප්‍රදායික යන්ත්‍ර වලට අදාල දෙයක් විතරයි. 1900 ගණන් වල එනවා කෘතීම බුද්ධිය කියලා සංකල්පයක් (මැෂින් මොළේ කිව්වෙ ඔන්න ඕකටයි මං. සිංහල වචන සෑහෙන බරසාරයි. නැද්ද?). මෙච්චර කල් කියපු දේ කරන් හිටපු යන්ත්‍රවලට, අළුත් තත්ව යටතේ තීරණ ගන්න පුළුවන්ද කියලයි මෙතැනදි මිනිස්සු හොයලා බැලුවේ. උදාහරණෙකට, අපි ගමුකො වාහනයක්. ම

ඉස්සරහට රස්සාවට ගහල යයිද?

මචං එකේ කැඩුවේ මෙන්න මේ වගේ එකක්. Source: www.bdshop.com 2008 දි විතර ලංකාවට ආවා මචං කියලා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ හිටියා සුරේෂ් කියලා දෙමළ කොල්ලෙක්. මේ කොල්ලගේ මාමා කොළඹ හෝටලේක රස්සාවක් කරනවා. රස්සාව තමා ටොයිලට් එකට එන මිනිස්සුන්ට අත පිහින කොල කෑල්ලක් කඩල දෙන එක. ෆිල්ම් එකේ අන්තිමට, හෝටලේට එනවා අතපිහින කොල නිකුත් කරන මැෂින් එකක්. ඒ හින්දා මේ මනුස්සයගේ රස්සාව ගහල යනවා. අන්තිමේ ෆිල්ම් එකේ හැටියට මේවග දැනගත්ත ආවේගෙට සුරේෂ් මේ මැෂිම කඩලා දානවා. මචං එකේ මේ සිද්ධිය අද මගේ ලිපියට පිවිසුමක් විදිහට ගන්නේ විශේෂ හේතුවකට. මෑත ඉතිහාසය පුරාවට විද්‍යාවේ දියුණුවත් එක්ක නොයෙක් රස්සාවල් තාක්ෂණය විසින් ඩැහැගෙන තියෙනවා. නමුත් මෙච්චරකල් ඒ විදිහට නැතිවුනේ ශ්‍රමය මූලික වුනු රස්සාවල්. උදාහරණෙකට කුඹුරක වැඩ කරපු හතර-පස් දෙනෙකුගේ රස්සාව ට්‍රැක්ටරය අත්කරන් තියෙනවා; දෙතුන් දෙනෙක් එකතු වෙලා කරපු ඇඳුම් මැසීම මහන මැසිම නිසා එක්කෙනෙකුට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වුනත් මානසික හැකියාවන් මත පදනම් වුන රස්සාවල් වලට - ලිපිකරුවන්, සංගීතකරුවන්, ගුරුවරු, ඉංජිනේරුවන් -  මේ දියුණුව මෙතෙක් ගැටළුවක් වුනේ නැහැ.

සාර්ථක ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) එකක් වෙනුවෙනි!

IPL පන්නයේ ක්‍රිකට් තරඟාවලියක් ලංකාවේ තිබ්බා මතකද? නම SLPL. ලංකාවේ පලාත් වලට බෙදපු කණ්ඩායම් හතක් හිස් වෙච්ච ක්‍රීඩාංගන දෙකක් ඇතුලේ එකිනෙකා අතර තරඟවැදුනා. කොටින්ම කියනවනං, 2012දි තිබ්බ SLPL ෆේල් ප්‍රොජෙක්ට් එකක්. ඔන්න මේ අවුරුද්දේ අළුතින් ඒ වගේ තරඟාවලියක් පටන් ගන්නවලු - LPL. ඊයේ පෙරේදා LPL වල ප්‍රධානියා විදිහට අපි කරවුුරුත් අඳුරන රසල් ආනල්ඩ් මහත්තය පත් කරා කියලා පුවතකුත් ගියානෙ . ඉතිං, මං හිතුවා ගිය පාර හරිගිය තැන්, වැරදුනු තැන්, වැරදෙන්න පුළුවන් තැන්, කරන්න පුළුවන් දේවල් ගැන කතා කරන්න මේක හොඳ වෙලාවක් කියලා. Source: daily1st.com පට්ට වැඩක් මුලින් කියන්න ඕන හරියට කරගන්න බැරිඋනත් SLPL කියන්නේ හොඳ අදහසක්. ඒකාලේ ලෝකේ ක්‍රිකට් බෝඩ් ගණනාවක් මෙහෙම දේකය අතගහන්න හිතන්නත් කලින් අපි මේ දේ කලා. අවාසනාවකට වැඩේ හිතපු තරන් හරිගියේ නෑ. ඒත් අවුරුදු හයකට පස්සේ මේවගේ දේශීය තරඟවල වැදගත්කම හැමෝටම පේන්න තියෙනවා. බංග්ලාදේශ්, ඉන්දියන් දෙවනිපෙළ ක්‍රීඩකයන්ට T20 තරඟවල පලපුරුද්ද අපේ මුල්පෙලේ ක්‍රීඩකයන්ට වඩා තියෙන බව දැන් දැන් පේනවා. අනික SLPL කියන්නේ ක්‍රීඩකයන් ගොඩක් මතුවුනු තරඟාවලියක් - දුෂ්මන්ත චමීර, ඩිල

සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට වීම

මේ දවස්වල ෆේස්බුක් එකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක සුද්දොන්ගෙ* ගුණ වැයීමයි. සුද්දෝ නං පට්ටම පට්ටය, උන් වගේ වෙන්න අපිටනං මේ කපේදීවත් බැරිය - පන්නයේ කතාය (මගේ ලේ කෝප කරපු පෝස්ටුව මෙතැනින් දැම්මා. ඕන් බලන්නකෝ.). රට්ටු කියන කතා. ගත්තේ Sri Lankan Blood (Facebook)  මේ වගේ ප්‍රලාප කියවන උදවිය එක්කෝ ෆිල්ම් බලලා සුද්දෝ ගැන නිගමන වලට ආපු අයයි. එහෙම නැත්තං ලංකාවට ආ ටුවරිස්ට්ලා දෙතුන් දෙනෙක් දිහා බලලා නිගමන වලට ආපු අයයි. පිටරටක මාස තුන-හතරක් ජීවත් වෙච්චි ඈයෝ සුද්දොන්ගේ ඔය කියන තරම් මෙව්වා එකක් නැතිබව හොඳාකාරවම දනිති! ඇත්තෙන්ම කිව්වොත්, ලංකාවේ සාමාන්‍ය මිනිහෙක් සුද්දෙක්ට වඩා හොඳ ජීවන මට්ටමක් පවත්වන් යන බව මගේ හැඟීමයි. ලංකාවේ සාමාන්‍ය ආදාමක් ලබන මනුස්සයෙක් දෙයියනේ කියලා ඉඩමක් අරන් දාලා තට්ටුවක දෙකක ගේ කෑල්ලක් හදාගන්නෙ නැද්ද? ඔහොම දෙයක් පිටරටක කරන්න සෑහෙන සල්ලියක් හම්බකරන්න ඕනය.උන් එහෙම නොකරන්නේ බැරිකමකට මිසක් අල්පේච්ඡතාවයක් හින්දා නොවන බවයි මගේ වැටහීම. වෙඩින් එකක් ගත්තත් ඔච්චරය. ලොකු හෝටේල් එකක, හතරවරිගෙටම කියලා ලොකු මඟුලක් ගන්න (ප්‍රී ශූට් එකක් එහෙම කරලා) සුද්දො කැමති නෑ කියලද හිතන්නේ? හැබැයි එහෙම ම