Skip to main content

මැයි දහ-අට ගැන හිතද්දිත් දුකයි!

දෙදාස්නමේ මැයි දහඅට අපි උපරිමෙන් සතුටක් වින්දා. ඕක මැයිදහඅට එකපාරට වෙච්ච එකක් නෙවේනේ. දවස් ගාණක් තිස්සේ පොඩි බිම්තීරුවක් වටකරන් කරන් හමුදාව හිටියා. මහින්ද මහත්තයා රටෙන් පිටව ඉඳල (දා හත්වෙනිදා මං හිතන්නෙ) කටුනායකට ඇවිත් පොලව ඉඹින කොටම මිනිස්සු කතාවුනා යුද්ධෙ අහවර වග. හැබැයි දැන් හිතද්දි  මැයි දහඅට කියන්නේ පට්ටම දුක දවසක්. මැයි දහඅට කියන්නේ අවුරුදු තුන-හතරක් තිස්සේ රටේ වියයුතුම වෙනස්කම් ගොඩක් කරපු පාලනයක් ඒ හරි වෙනස්කම් කරන එක නවත්තන්න පටන් ගත් තැන.  ලංකාවේ දෙමළ ප්‍රශ්නෙ කියන්නේ අවුරුදු ගාණක් වණයක් වෙච්ච තුවාලයක්. ඒ තුවාලේ ඉවසන්න බැරි තැන සමහර දෙමළුන් ආයුධ අතට ගන්නවා. එතනින් නවතින්නැතුව සාමාන්‍ය සිංහල මනුස්සයට පීඩනයක් වෙන විදිහට දකුණේ මිනිස්සු මරන්න බෝම්බ පුපුරන්න පටන් ගන්නවා. ඒ තත්වෙ ඇතුලේ ලංකාවේ රජයට තිබුණු එකම විසඳුම ඒ කණ්ඩායම් විනාශ කරන එකයි. අවුරුදු නමයක් ගත වුනාට පස්සෙත් මගේ අදහස ඒකයි. ඒ දේ කිරීම සෑහෙන්න අමාරු වැඩක්. ආණ්ඩු ගාණකට කරන්න බැරි වුනු ඒ වැඩේ අවුරුදු හතරකින් ඉවර කරපුඑක නිකන් හීනයක් වගේ.

Source: Dailynews.lk

අපි පොඩි කාලේ දන්න දවසෙ ඉඳන් යුද්ධෙ තිබ්බා. ඇත්තටම කොටි සංවිධානය පරද්දන්න පුළුවන් කියලා ඒ කාලේ නායකයෝ තියා සාමාන්‍ය මිනිස්සුවත් හිතුවේ නෑ. ඒ දේ කරන්න පුළුවන් උනේ සෑහෙන සැලසුම් ගත වැඩ පිලිවෙලක් හරහා (ලංකා ඉතිහාසයේ හොඳම  වෙන්නත් පුළුවන්) . සාමාන්‍ය සමාජයේ ගැරහීමට ලක්වෙලා හිටපු "ආමිකාරයා", රණවිරුවෙක් බවට පත්කරපු එකම කොච්චර අමාරු වැඩක්ද? ඒ වගේ මිනිස්සුන්ගේ මත හදන්න, වෙනස් කන්න පුළුවන් තරම් ප්‍රබල ව්‍යාපෘතියක් රජය ගෙනිච්චා. දෙවැනි කාරණේ මාධ්‍ය. රජය ගෙනියන්නේ මානුෂිය මෙහෙයුමක්, සාමාන්‍ය මිනිස්සු එක්කෙනෙක්වවත් මැරෙන්නෙ නෑ කියන මතේ ප්‍රබලව මිනිස්සු අතරට රජය ගෙනිච්චා.  මේකත් සෑහෙන්න කරන්න අමාරු නමුත් කලයුතුව තිබුනු දෙයක්. ඇත්තෙන්ම හිතුවොත් ඔය විදිහෙ පාර්ශවික විනාශ (collateral damage)නැතුව යුද්ධ කරන්න මොනම හමුදාවකටවත් බෑ. යුද්ධෙකදි සාමාන්‍ය මිනිස්සු යම් ප්‍රමාණයක් අනිවාර්යක් මැරෙන එක වලක්වන්න බෑ. ගොඩක් වෙලාවට ලංකාවෙත් මේක වෙන්න ඇති (රාජිත ඕක එලිපිට කියලනේ කට්ටියගෙන් අහගත්තෙ). නමුත් එහෙම දෙයක් වෙන්නෙ නැති බව (මාත් ඇතුළුව) සාමාන්‍ය සිංහල මිනිස්සු ඒකාලේ පිලිගත්තා (දැනුත් පිලිගන්නවා වගේ රාජිතට හම්බුනු ප්‍රතිචාර දැක්කම). යුද්ධෙට ජන සහයක් ලැබෙන්න මේකත් විශාල හේතුවක් වුනා.

අවුරුදු ගාණක් තිස්සේ රටේ තිබ්බ හැම අවුලකටම නිදහසට කාරණේ උනේ යුද්දෙ. ඒ යුද්දෙ ඉවරකරපු විදිහට රටේ අනෙක් ප්‍රශ්නත් ඉවර කරන්න රජයට (රජය කිව්වාට ඇත්තෙන්ම මහින්ද මහත්තයට) ඉතිහාසේ ස්වර්ණයමය අවස්ථාවක් ඔය වෙලාවේ තිබ්බා. විශේෂයෙන් යුද්දෙ දිනල තුනෙන් දෙකක බලයක් අතට ගත්ත වෙලාවේ. ඒ දේ ඒ විදිහටම වෙයි කියන බලාපොරොත්තුව මට තිබ්බා. හිතන්නකො බලන්න ඒ වගේ බලයක්, සහයක් එක්ක හරි ඕනකමක් තිබ්බානං  මොනවද කරන්න බැරී? මං මේ කියන්නේ හයිවේ , වරායවල් හදනවා වගේ ලොකු කතන්දර නෙවේ.  2/3ක් එක්ක ඇමතියෙක්, මන්ත්‍රියෙක් තරහ වෙනඑක ජනාදිපතිට ලොකු අවුලක් නෙවේ ඔය කාලේ. ඕනෙනං රටේ දූෂණය නැතිකරලාම දාන්න තිබ්බා. ලංකාව නීතිය හරියට වැඩකරන රටක් බවට පත්කරන්න තිබ්බා. රටේ අධ්‍යාපන / සෞඛ්‍ය ප්‍රතිපත්ති රටට හොඳවිදිහට වෙනස් කරන්න තිබ්බා. ලංකාවේ දෙමළ ප්‍රශ්නේ විසඳලා දාන්න තිබ්බා (ඒ වගේ ප්‍රබල තත්වයක් තියන්, ෆෙඩරල් ක්‍රමේකට ගියානං? ). තව දාහක් දේවල් !

හැබැයි රටේ අවාසනාවකට ඒ දේ වෙනුවට වඩා නාස්තිකාර පාරක යන්න මහින්ද මහත්තයා තීරණය කරා. මම තාම හිතනවා ඒ කාලේ මහින්ද මහත්තයා අවංකව උත්සාහයක් ගත්තා කියලා. උදාහරණෙකට මිනිස්සුන්ට දෙමළෙන් කතා කරන එක. ඒක මාර හොඳ උත්සාහයක් කියලයි මට හිතුනේ. ඔය කාලේ එ.ජා. සමුළුවකට ගිහිනුත් දෙමළෙන් කතා කරා මට මතක විදිහට. ඕක කරන්න ලේසි වැඩක්වත්, කලයුතුම වැඩකුත් නෙවේනේ. නමුත් ඒවගේ දෙයක් කරේ ප්‍රශ්නෙ විසඳන්න එතුමට අවංක හැඟීමක් තිබ්බ හින්දා කියලයි මං හිතන්නේ. කියමනක් තියනවා බලය දූෂිතයි (power corrupts) කියලා. කොච්චර හොඳ මිනිහෙක් මොනතරම් අවංක හැඟීමකින් උනත් විශාල බලයක් ඇතිතැනකට ගියෝතින්, ඔහු දූෂිතයෙක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ තැනට නොගිහින් රටට ඕන වෙනස්කම් ටික කරානං, මහින්ද මහත්තයට ලෝකෙම ශ්‍රේෂ්ට නායකයෙක් විදිහට විශ්‍රාම ගන්න තිබ්බා කියන එකයි මගේ හැඟීම. මැයි දහඅට කියන්නේ ඒ අවස්ථාවට පයින්ගහන්න එතුමා පටන්ගත්ත මොහොත. ඒ ගැන දුකක් ඇතිවෙන එක සාධාරණයි නේද?

Comments

Post a Comment

Popular posts from this blog

බයි ටොයි ගැටුම සුරකිමු!

පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්මා නම් කිරීමත් එක්ක විපක්ෂය කැළඹීමට පත්ව ඇතිබවක් පේනවා. ඒ අතර ගෝඨාභය හා තරඟ කරන්න "දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්" දමන බව එජාපයේ රංජන් රාමනායක මහතා කියලා තියෙනවා. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් කියලා මේ කෙකර ගගා කියන්නෙ සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයට නම්කරන්න උත්සාහ කරන බවයි. සජිත් ගෝඨාභයට තරඟයක් දෙන්න පුළුවන් බව හිතෙන්නෙ සජිත්ට ගෝඨාභයට සමාන ඡන්ද පදනමක් ඇති හින්දයි. මේ පදනම ග්‍රාමීය, අර්ධ ග්‍රාමීය සිංහල බෞද්ධ පදනමයි. ජනප්‍රිය අපේක්ෂකයෙක්ට සමාන පදනමක් ඇති වෙනත් අපේක්ෂකයෙක් නම් කරන්න එජාපය උත්සාහ කරන මුල් අවස්ථාව මෙය නෙවේ. මීට කලින් සරත් ෆොන්සේකා මහත්මා ඉදිරිපත් කරමින් කලෙත් මේ හා සමාන දෙයකුයි. මේ උපාය හින්දා කෙටිකාලීනව හෝ දිගුකාලීනව රටට හෝ එජාපයට සෙතක් නොවන බව මගේ අදහසයි. මේ වෙලාවේ ගෝඨාභයට ලොකු ඉල්ලුමක් රටේ ඇති බව ඇත්තක්. මේ ඉල්ලීම කරන්නෙ බහුතරයක් සිංහල-බෞද්ධ, ත්‍රස්තවාදයට සංවේදී, නාගරික ලස්සන ගැන සංවේදී, හොඳින් හෝ නරකින් රට ලස්සන කලයුතුයි හිතන ජනයා. ගෝඨාභය නියෝජනය කරන්නෙ මේ ඉල්ලීමයි. මේ ප්‍රවාහයට ලඟින්ම තැබිය හැකි අපේක්ෂකයා සජිත් (පාඨලීත් හොඳ ය

විනයක් නැතිකමත් ඇණයක්

මේ ඉන්නෙ මං කියන විදිහෙ හදිස්සිකාරයෝ දෙන්නෙක්! (Image Source: cdn.merchantmaverick.com) ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු ටික එක්කහු කරගත්තම ආයෙත් පාරක් චෙක් කරලයි බඩු ටිකත් දෙන්නෙ. කොහොම හරි බඩු ටික අරන් ඉවර වෙද්දි විනාඩි විස්සක් තිහක් ගිහිල්ලා.  ඔන්න ඔහොම වාත වෙවී ඉද්දි තමා ලංකාවට සුපර්මාර්කට් ආවේ.සුපර්මාර්කට් එකේ අපිට ඕන බඩු ටික කරත්තෙට දාගෙන ආවම, ලස්සනට ඇදල ඉන්න කැෂියර් නංගි (හෝ අක්කා) කැෂියර් එකෙන් ටකස් ගාලා බිල දාලා දෙනවා. වැඩේ හරි පහසුයි. පහසුවටත් වඩා ඔව්වට මිනිස්සු යන්නේ ආතල් එකට කියලයි ජෙහාන් ලොක්කනං කියන්නෙ (ග්‍රීස්මේ ඉවසගන්න බැරිව ඒ.සී. එක හොයන් එන අයත් නැතුවම නෙවේ). මට හිතෙන්නෙ නං ආතල් එක ද්වීතීකයි කියලයි.  මිනිස්සුන්ට වෙන ලේසිය ගැන හිතලමද කොහෙද ටික කාලයක් ගියාට පස්සේ ඔව්වයින්ම බිල් ගෙවන්නත් අවස්ථාව දුන්නා. අන්තිමට, කඩේ බඩු ගත්ත ඈයොන්ට වඩා බිල් ගෙවන උදවිය වැඩිඋනා!කොහොම හරි මං කියන්න හැදුවේ සුපර්මාර්කට් එකේ කැෂියර් පෝලිම සෑහෙන්න

මිනිසා පරදන මැෂින් මොළේ!

මේ වගේ පෙනුම විතරයි වැඩ නැති මැෂින් ගැන නෙවේ අද කතාව! Source:http:www.onestop.lk යන්ත්‍රවලට මිනිස්සුන්ට වඩා ඇතැම් දේවල් හොඳින් කරන්න පුළුවන් බව අපි කවුරුත් දන්න දෙයක්නේ. සාමාන්‍යයෙන් මොනවද මේ දේවල්? වාහනයකට පුළුවන් මිනිස්සු ගාණක් උස්සන් යන දේවල් එකපාර ප්‍රවාහනය කරන්න. මහන මැෂිමකට පුළුවන් මිනිහෙක්ට වඩා ඉතා වේගයෙන් මැහුම් කටයුතු කරන්න. කාර්මික රොබොවකුට පුළුවන් මිනිහෙක්ට කරන්න බැරි හරි සියුම් කැපීම් කරන්න.  මේ වගේ තව උදාහරණ තියෙන්න පුළුවන්. නමුත් මේ හැම උදාහරණෙකම පොදු ලක්ෂණයක් තියෙනවා. යන්ත්‍රය මොකක් හරි අංශයකින් මිනිහාට වඩා හොඳින් වැඩේ කරන බව ඇත්ත. නමුත් කරන්න ඕන වැඩේ මොකක්ද කියලා "හිතලා" කරන්න යන්ත්‍රයට පුළුවන් කමක් නෑ. ඒ දේ කියලා දෙන්න මිනිහෙක් ඉන්න ඕන. හැබැයි මේක සාම්ප්‍රදායික යන්ත්‍ර වලට අදාල දෙයක් විතරයි. 1900 ගණන් වල එනවා කෘතීම බුද්ධිය කියලා සංකල්පයක් (මැෂින් මොළේ කිව්වෙ ඔන්න ඕකටයි මං. සිංහල වචන සෑහෙන බරසාරයි. නැද්ද?). මෙච්චර කල් කියපු දේ කරන් හිටපු යන්ත්‍රවලට, අළුත් තත්ව යටතේ තීරණ ගන්න පුළුවන්ද කියලයි මෙතැනදි මිනිස්සු හොයලා බැලුවේ. උදාහරණෙකට, අපි ගමුකො වාහනයක්. ම