Skip to main content

සකර්බර්ග් අයිය්‍ෙ, කීයක් හරි දියන්!


අද අප්‍ෙ කතාවේ කතානායකයන්ගෙන් එක්කෙනෙක් වෙච්ච අපේ හිතාදර සකර්බර්ග් අයියා (වමේ). Source: vox.com

අද ලෝකෙ සමාගමකට සල්ලි වලට ගන්න අමාරුම දේ මොකක්ද කියල ඇහුවොත් මොකක් කියලද හිතන්නේ? අමුද්‍රව්‍ය? නිදහසේ භාණ්ඩ එහා මෙහා යන ලෝකෙ, සල්ලි තියෙනවනං අමුද්‍රව්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්ණයක් නෙවේ; මිනිස් ශ්‍රමය උනත් එහෙමයි. මට හිතෙන හැටියට සමාගමකට සල්ලි දීලා ගන්න අද අමාරු එකම දේ ‘තොරතුරුයි’. කෙනෙක්ට හිතෙන්න පුළුවන් තොරතුරු උනත් සල්ලි දීලා ගන්න පුළුවන්නෙ කියලා. ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියනවා. හැබැයි සල්ලි තිබ්බ පලියට ඕනම තොරතුරක් සල්ලි වලට ගන්න බෑ. සල්ලි දීලා ගන්න පුළුවන් නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු විතරයි. උදාහරණෙකට, ලංකාවෙ තියෙන මහාමාර්ග වල දිග කියන්නෙ තොරතුරක්; ලංකාවෙ කොටස් මිල දර්ශකයේ අගය කියන්නෙ තොරතුරක්. හැබැයි මේවා නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු. ඕන කෙනෙක්ට ඇවිත් බලල මැනලා ඒ දේවල් දැනගන්න පුළුවන් බාධාවක් නැතිව. සල්ලි තියෙන කෙනෙක්ට පුළුවන් කාටහරි සල්ලි දීලා මේ තොරතුරු ලබාගන්න.

එතකොට සල්ලි වලට ගන්න බැරි/අමාරු තොරතුරු මොනවද? එහෙම ඒවා ගොඩක් තිබ්බට අද මම කතාකරන්නෙ ඒවා අතරින් ගන්න අමාරුම තොරතුරු වර්ගය ගැනයි - පුද්ගලික තොරතුරු. මම ගැන විස්තර, මම ආසා දේවල් ගැන විස්තර, මම ආදරේ කරන දේවල්, මට තියෙන සල්ලි ගාණ. මේ දේවල් සාමාන්‍යයෙන් මිනිස්සු නාදුනන අයත් එක්ක බෙදාගන්න කැමති නැහැ. ඒ හින්දා මේ තොරතුරු සාම්ප්‍රදායක ක්‍රමවලින් හොයන්න ගොඩක් අමාරුයි. ඒ හින්දම මේ තොරතුරු වල වටිනාකමත් හරි ඉහලයි. සල්ලි වලට ගන්න බැරි මේ තොරතුරු වල වටින කමත් ගොඩක් වැඩියි. එච්චර වටින තොරතුරු තමන්ගාව තියනවනං ඒ තියෙන සමාගමට ඒක සෑහෙන්න වාසියක් නේද?


මෙන්න මෙතැනදි තමයි අන්තර්ජාලෙ ගේම පටන් ගන්නෙ. අන්තර්ජාලෙ ඇතුලෙ සමාගම් නොමිලේ සේවා සපයනවා. ගූගල් සමාගම ඉතා ආදරෙන් කියනවා “ඔයාට හොයන්න ඕන ඕන දෙයක් හොයන්න. මම හොයලා දෙන්නම්” කියලා. ෆේස්බුක් සමාගම අපි ගැනම හිතලා වගේ අපිට අපේ යාළුවෝ එක්ක සම්බන්ධ වෙන්න, සම්බන්ධ වෙලා අපේ දේවල් බෙදාගන්න චාන්ස් එකක් දීලා තියෙනවා. යෙල්ප් සමාගම අපි වටේ තියෙන ව්‍යාපාර ගැන අපි මොනාද හිතන්නෙ කියලා අපෙන් අහනවා. බලන් ගියාම පුදුම කරුණාවක්, ආදරයක්නෙ අන්තර්ජාලෙ තියෙන්නේ! මේ දේවල් අපිට දෙන එකෙන් මෙයාලට මොනාද හම්බෙන්නේ? එකක්, එයාලට පුළුවන් වෙලද ප්‍රචාරණයට ඉඩ දීලා මුදලක් හොයා ගන්න. හැබැයි ඊට වඩා වැදගත් දෙයක් එයාලට ලැබෙනවා. දත්ත! දත්ත!! අපි කාටවත් දෙන්නැතුව රැකන් හිටිය අපේ පුදගලික දත්ත!


අපි ගූගල් වල හොයන දේවල් දිහා බැලුවම, අපි ෆේස්බුක් එකේ දාන දේවල් ටිකක් බැලුවම, යෙල්ප් එකේ අපේ රේටින් දිහා බලපුවම අපි ගැන දැනගන්න ඕන ඔක්කොම දේවල් කෙනෙක්ට දැනගන්න පුළුවන් (සිංහලෙන්ම කිව්වොත්, අපිව ප්‍රෝෆයිල් කරන්න පුළුවන්). එහෙම ගොඩක්ම ලේසියෙන් හොයන්න පුළුවන් දෙයක් තමා අපි ගන්න කැමති බඩුගැන විස්තර. ඕක දැනගත්තම අන්තර්ජාලෙ හරහාම ඒ බඩු විකුණන සමාගම් වල දැන්වීම් අලෙවි කරලා ලොකු ලාභයක් ලබන්න මෙයාලට පුළුවන්. මේ දේ ඔයාලට වෙලා තියනවද දන්නෙ නෑ. දවසක් මම ගූගල් අඩවියේ ස්මාට්ෆෝන් එකක් ගැන සොයා බැලීමක් කලා. ටික වෙලාවකට පස්සේ ෆේස්බුක් බලද්දි මෙන්න බොලේ අර මං හොයපු දේ ගැනම තියන දැන්වීමක්! මේක එක් සරල (එක විදිහෙකින් හිතුවොත් අහිංසක - මොකද කාටවත් කරදරයක් වුනේ නෑ මෙතන) උදාහරණයක් විතරයි.


ඇත්තටම බැලුවොත් මේක මාර බිස්නස් එකක්. අනික් තැනකදී වගේ මිනිස්සුන්ගේ දත්ත හොයන්න සමාගම අමතර පිරිවැයක් වියදම් කරන්නෙ නෑ මෙතනදී. මිනිස්සු කැමැත්තෙන්මයි මේ දේවල් එයාලට දෙන්නේ! ඇත්තටම හිතුවොත් නිකං ඉදල සල්ලි හම්බකරනවා වගේ වැඩක් මේක. පහුගිය ටිකේ මේ ගැන බටහිර මාධ්‍ය වල ලොකු කතා බහක් ගියා ෆේස්බුක් සමාගම සම්බන්ධ කරන් (දැකපු නැති අය මෙතින්න බලන්න ඒ ගැන විස්තර) . කට්ටිමය දන්නවනේ ඇමරිකාවේ පහුගිය ජනාධිපතිවරණෙයන් ට්‍රම්පච්චි තුමා දිනපු වග. ඔන්න ඔය චන්දෙ කාලේ කේම්බ්‍රිජ් බ්‍රිටැනිකා කියලා සමාගමක් ෆේස්බුක් කටිටයකගේ දත්ත අවසරයක් නැතුව පාවිච්චි කරලා තියෙනවා චන්ද වැඩකට. වැඩේ පත්තුවුනා මේ ලගකදී. මෙතැනදි වෙලා තියෙන්නෙ අදාල සමාගම සල්ලි දීලා සමහර දෙනෙක්ගේ ෆේස්බුක් දත්ත මිලදී අරං තියෙන එකයි. හැබැයි ඒත් එක්ක ඒ අයගෙ මිතුරන්ගෙ දත්තත් ලබාගන්න මේ සමාගම සමත්වෙලා තිබුනා. මේ දත්ත ගෙවීමක් නොකර අනවසරයෙන් දත්ත ගත්ත එකයි කේස් එක.


දැන් ෆේස්බුක් සමාගම කියනවා ඔහොම දෙයක් ආයෙ වෙන්නෙ නෑ කියලා (සකර්බර්ග් අයියා ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ කට්ටියගෙන් මේ ගැන සමාවත් ඉල්ලුවා). හැබැයි ඉතිං එයාලම සල්ලි වලට ඕව විකුණනවද කව්ද දන්නේ? අනික පිටට විකුණුවේ නැතත් ආයතනය ඇතුලේ වලටනං මේ දත්ත අනිවා පාවිච්චි කරනවා සත්තයි. මේක මේ ෆේස්බුක් වලට විතරක් අදාල දෙයක් නෙවෙයි. අන්තර්ජාලේ අපේ සුවසෙත වෙනුවෙන් වෙහෙසන හැම අයියටම මේ දේ අදාලයි. කොහොම උනත් කියන්න තියෙන්නේ අපි අන්තර්ජාලෙට විශ්වාසයෙන් දෙන දත්ත ටිකටනං අබසරණයි කියලා තමයි!


මම මෙච්චර කියෙව්වට කට්ටියක් ඉන්නවා මේ දත්තවල මහලොකු වටිනාකමක් නොදකින. “නිකං තියෙන දත්ත වලින් කවුරුහරි වැඩක්ගත්තනං මොකෝ “ කියලයි ඒ අය අහන්නේ. අනික අපි කන බොන තැන්, අපි ගන්න හදන එව්වා මහා රහසිගත දේවළුත් නෙවේනෙ. ඇත්තම කිව්වොත් මාත් මෙයින් එක්කෙනෙක්. හැබැයි, මගේ දත්ත නිකං තියෙන දත්ත වුනාට ඒවා පාවිච්චි කරලා සකර්බර්ග් අයියා සල්ලි හම්බකරද්දිනං නිකං මොනවාද වගේ. ඒ හින්දා සකර්බර්ග් අයියටයි මේ කියන්නේ - දත්ත ගත්තට කමක් නෑ අයියේ, මටත් කීයක් හරි දියන්!

Comments

Post a Comment

Popular posts from this blog

ඉස්සරහට රස්සාවට ගහල යයිද?

2008 දි විතර ලංකාවට ආවා මචං කියලා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ හිටියා සුරේෂ් කියලා දෙමළ කොල්ලෙක්. මේ කොල්ලගේ මාමා කොළඹ හෝටලේක රස්සාවක් කරනවා. රස්සාව තමා ටොයිලට් එකට එන මිනිස්සුන්ට අත පිහින කොල කෑල්ලක් කඩල දෙන එක. ෆිල්ම් එකේ අන්තිමට, හෝටලේට එනවා අතපිහින කොල නිකුත් කරන මැෂින් එකක්. ඒ හින්දා මේ මනුස්සයගේ රස්සාව ගහල යනවා. අන්තිමේ ෆිල්ම් එකේ හැටියට මේවග දැනගත්ත ආවේගෙට සුරේෂ් මේ මැෂිම කඩලා දානවා.

මචං එකේ මේ සිද්ධිය අද මගේ ලිපියට පිවිසුමක් විදිහට ගන්නේ විශේෂ හේතුවකට. මෑත ඉතිහාසය පුරාවට විද්‍යාවේ දියුණුවත් එක්ක නොයෙක් රස්සාවල් තාක්ෂණය විසින් ඩැහැගෙන තියෙනවා. නමුත් මෙච්චරකල් ඒ විදිහට නැතිවුනේ ශ්‍රමය මූලික වුනු රස්සාවල්. උදාහරණෙකට කුඹුරක වැඩ කරපු හතර-පස් දෙනෙකුගේ රස්සාව ට්‍රැක්ටරය අත්කරන් තියෙනවා; දෙතුන් දෙනෙක් එකතු වෙලා කරපු ඇඳුම් මැසීම මහන මැසිම නිසා එක්කෙනෙකුට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වුනත් මානසික හැකියාවන් මත පදනම් වුන රස්සාවල් වලට - ලිපිකරුවන්, සංගීතකරුවන්, ගුරුවරු, ඉංජිනේරුවන් -  මේ දියුණුව මෙතෙක් ගැටළුවක් වුනේ නැහැ.

හැබැයි තාක්ෂණයේ (විශේෂයෙන් කෘතීම බුද්ධියේ -Artificial Intelligenc…

විනයක් නැතිකමත් ඇණයක්

ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු ටික එක්කහු කරගත්තම ආයෙත් පාරක් චෙක් කරලයි බඩු ටිකත් දෙන්නෙ. කොහොම හරි බඩු ටික අරන් ඉවර වෙද්දි විනාඩි විස්සක් තිහක් ගිහිල්ලා. 

ඔන්න ඔහොම වාත වෙවී ඉද්දි තමා ලංකාවට සුපර්මාර්කට් ආවේ.සුපර්මාර්කට් එකේ අපිට ඕන බඩු ටික කරත්තෙට දාගෙන ආවම, ලස්සනට ඇදල ඉන්න කැෂියර් නංගි (හෝ අක්කා) කැෂියර් එකෙන් ටකස් ගාලා බිල දාලා දෙනවා. වැඩේ හරි පහසුයි. පහසුවටත් වඩා ඔව්වට මිනිස්සු යන්නේ ආතල් එකට කියලයි ජෙහාන් ලොක්කනං කියන්නෙ (ග්‍රීස්මේ ඉවසගන්න බැරිව ඒ.සී. එක හොයන් එන අයත් නැතුවම නෙවේ). මට හිතෙන්නෙ නං ආතල් එක ද්වීතීකයි කියලයි.  මිනිස්සුන්ට වෙන ලේසිය ගැන හිතලමද කොහෙද ටික කාලයක් ගියාට පස්සේ ඔව්වයින්ම බිල් ගෙවන්නත් අවස්ථාව දුන්නා. අන්තිමට, කඩේ බඩු ගත්ත ඈයොන්ට වඩා බිල් ගෙවන උදවිය වැඩිඋනා!කොහොම හරි මං කියන්න හැදුවේ සුපර්මාර්කට් එකේ කැෂියර් පෝලිම සෑහෙන්න දිගයි ඕං.

අන්තිමේ නිකං කඩෙන් බඩුගන්න වෙලායනවා කියලා සුපර්මාර්කට් ගියපු උදවිය සුපර්මාර්කට් පෝලිමේ…

රැග්කිරීම ලෝකයට ගෙනියමු!

පහුගිය දා කට්ටාකාඩුවේ ලොකු අයියයි යකා අඩවියේ  යකා මහත්තයයි රැග් සීසන් එක ගැන ලිපි දෙකක් ලියලා තිබ්බා දැක්කම මටත් හිතුනා ඒ ගැන වචනයක් දෙකක් ලියන්න. ලංකාවේ කැම්පස් වල මුල් දවස්ටිකේ වෙන දවස්වලට වඩා වෙනස් කටයුතු කීපයක් වෙනබව කට්ටියම දන්නවනෙ. ඕකට සමහරු කියනවා රැග් එක කියලා. ඔව්වා කාපුඅය ඒකට කියන්නෙ “ශිෂ්‍ය අනුගතකරණය” කියලා. ශිෂ්‍ය සංගංවල මහත්තුරුනං කියන්නෙ එහෙම දෙයක් නෑ කියලයි. එක එක අය එක එක නම් කියන හින්දා, මේ ලිපිය ඇතුලේ ඔය සංසිද්ධිය “වාතවීම” කියල හදුන්වමුකො. මුලින්ම කියන්න ඕන මේක ලියන මමනං ඔය සංසිද්ධිය අත්දැකලා නැති බව. ඒ හින්දා මේ ලියමනේ වැරැද්දක් අඩුපාඩුවක් දැක්කොත් වාත වුනු ඇත්තො පෙන්නලා දෙන්න ඕන හරිය? 

දැන් ඔය වාතවීම වාත වෙනකාලෙදිනන් පට්ට වාතයක් කියල හිතුනට, පස්සෙ කාලෙකදී ඒ අයට ඒ ගැන ලොකු අවුලක් නැතිපාටක් තමා පේන්නෙ. බොරුනං වාතවුනු කෙනෙක්ගෙන අහල බලන්නකො. මම ඇහුවමනං ඒ අය කියන්නෙම ඒක මාර අත්දැකීමක් කියලයි. සමහරු (මේ සමහරු කියලා කිව්වෙ වටින් බලන් ඉදලා පණ්ඩිතකම් කියන උදවිය) කියනවා වාතවුනාට පස්සෙ වාතෙ වාතයි කියල පිලිගන්න ලැජ්ජා හින්දා කට්ටිය බොරු කියනවා කියලා. සමහරු කියනවා වාත වෙන අය වාත…