Skip to main content

රැග්කිරීම ලෝකයට ගෙනියමු!

පහුගිය දා කට්ටාකාඩුවේ ලොකු අයියයි යකා අඩවියේ  යකා මහත්තයයි රැග් සීසන් එක ගැන ලිපි දෙකක් ලියලා තිබ්බා දැක්කම මටත් හිතුනා ඒ ගැන වචනයක් දෙකක් ලියන්න. ලංකාවේ කැම්පස් වල මුල් දවස්ටිකේ වෙන දවස්වලට වඩා වෙනස් කටයුතු කීපයක් වෙනබව කට්ටියම දන්නවනෙ. ඕකට සමහරු කියනවා රැග් එක කියලා. ඔව්වා කාපුඅය ඒකට කියන්නෙ “ශිෂ්‍ය අනුගතකරණය” කියලා. ශිෂ්‍ය සංගංවල මහත්තුරුනං කියන්නෙ එහෙම දෙයක් නෑ කියලයි. එක එක අය එක එක නම් කියන හින්දා, මේ ලිපිය ඇතුලේ ඔය සංසිද්ධිය “වාතවීම” කියල හදුන්වමුකො. මුලින්ම කියන්න ඕන මේක ලියන මමනං ඔය සංසිද්ධිය අත්දැකලා නැති බව. ඒ හින්දා මේ ලියමනේ වැරැද්දක් අඩුපාඩුවක් දැක්කොත් වාත වුනු ඇත්තො පෙන්නලා දෙන්න ඕන හරිය? 

දැන් ඔය වාතවීම වාත වෙනකාලෙදිනන් පට්ට වාතයක් කියල හිතුනට, පස්සෙ කාලෙකදී ඒ අයට ඒ ගැන ලොකු අවුලක් නැතිපාටක් තමා පේන්නෙ. බොරුනං වාතවුනු කෙනෙක්ගෙන අහල බලන්නකො. මම ඇහුවමනං ඒ අය කියන්නෙම ඒක මාර අත්දැකීමක් කියලයි. සමහරු (මේ සමහරු කියලා කිව්වෙ වටින් බලන් ඉදලා පණ්ඩිතකම් කියන උදවිය) කියනවා වාතවුනාට පස්සෙ වාතෙ වාතයි කියල පිලිගන්න ලැජ්ජා හින්දා කට්ටිය බොරු කියනවා කියලා. සමහරු කියනවා වාත වෙන අය වාතෙට ආසා වෙන එක මානසික අසාමාන්‍ය තත්වයක් කියලා (ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් කියන්නෙ ඕකට). තව සමහරු කියනවා වාතෙ පල්ලෙහා බැජ්ජෙකේ ජුන්නන්ගෙන් ඇරගත්තම ඔහොම කියන්න වෙනවා කියලා. හැබැයි මම නං හිතන්නෙ ඔය මොකවත් නෙවේ, ඇත්තටම ඔය කියන විදිහෙ ෆන් එකක් ඇති කියලයි. 

දැන් මේක කියවන කැම්පස් නොවන අය (ඒ කිව්වෙ වාත වෙන ආතල් එක නොලබපු උදවිය) කලබල වෙන්න පුළුවන්. හැබැයි වාතේ ආතල් එක දන්නෙ වාතේ විදපු අය විතරයි කියන එක ඒ හැමෝම වටහා ගන්න ඕනෙ. ඒක නොවිදපු කෙනෙක්ට තේරෙන්නෙ නෑනෙ. එතකොට ඒක නොවිදපු කෙනෙක් ඒවා බොරුවට විවේචනය කරලා වැඩක් නැතිබව මතක තියාගන්න ඕන. 

දැන් කතන්දරේ මේකයි. ඔය කැම්පස් කියන ජාතිය ලංකාවේ විතරක් නෙවේනෙ - වෙන රටවල් වලත් තියෙනවා. එතකොට ඒ රටවල කැම්පස් වල මුල් දවස්වල වෙන්නෙ මොනවද? වැඩ පටන්ගන්න සතියකට විතර කැම්පස් එකයි ඉගෙන ගන්න ළමයිනුයි එකතු වෙලා සතියක් තිස්සෙ වැඩසටහනක් තියෙනවා. ඔය වැඩසටහනෙදි කැම්පස් එකේ හැමතැනටම කට්ටිය එක්කන් යනවා - කැම්පස් එකේ වැඩ වෙනහැටි පෙන්නනවා. ළමයින්ට හදාගන්න වෙන ලිපි ලේඛන ටික හදලා දෙනවා. ඒ අතරෙ හවස්වෙලා විනෝදගමනක් දෙකක් යනවා - සමහර විටෙක ගිනිමැලයක් - මැච් එකක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඔහොම ඕලාරික විදිහට මුල් සතිය ගෙවුනට පස්සෙ කැම්පස් වැඩ පටන්ගන්නවා. ඒක නං නිකන් කියෙව්වමත් ඈනුමක් දෙකක් ගියා නේද? කොටින්ම කිව්වනං කිසි ෆන් එකක් නැති ආරම්බයක් තමා තියෙන්නේ. ඇත්තම කියනවානං මම ඔය ළමයි දෙන්නෙක් තුන්දෙනෙක්ට පහදල දුන්නා ඔය සතියේ තියෙන කුසීතකමේ තරම! 

දැන් මට තියෙන අදහස මේකයි. මෙච්චර ආතල් වාතේ ලංකාවේ විතරක් තියෙන එක අපරාධයක් නෙවේද? ඇත්තටම අපි මේක අපේ බූදලයක් වගේ හංගන් ඉන්න එකෙන් ඒ ෆන් එක ගන්න තියෙන අවස්ථාව අනික රටවල ළමයිට අහිමි වෙන එක නේද වෙන්නේ? මට නං හිතෙන්නෙ කැම්පස් කොල්ලෙක්ට කෙල්ලෙක්ට ගන්න තියෙන මාර ෆන් එකක් වෙච්ච වාතේ අපි හංගන් ඉන්නෙ නැතුව ලෝකෙ ව්‍යාප්ත කරන්න ඕනි කියලයි. සමහර විට මේ ගැන ඇහුවම පිටරටවල අය විරුද්ද වෙන්න පුළුවනි - එක එක කුණු කතා කියන්නත් බැරි නෑ. ඔය සුද්දො සුද්දියෝ රෙදි උස්සන් එන්න බැරි නෑ -මානව හිමිකම් අරව මෙව්ව කිය කිය. මේ දේ අපි බලාපොරොත්තු වෙන්න ඕනෙ දෙයක්! මේකෙ තියෙන ආතල් එක ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑනෙ - ඒක දන්නෙ වාතෙ කාපු කෙනෙක්ම තමා! ඇත්තටම හිතලා බැලුවොත් ඒ රටවල ලමයිගෙ එකමුතු බව වැඩිකරන්නත් මේක අවස්ථාවක් කරගත්තැහැකි! 

මම කියන්න‍ෙ අපි මේක යෝජනාවක් විදිහට ලෝකෙම ඉන්න විස්ස විද්‍යාල ප්‍රජාවට දාමු කියලයි. ලංකාවෙ කැම්පස් වලින් ලෝකෙට දායද වෙච්චි හොඳම දායදය මේ දේ වෙන්න පුළුවනි. හැබැයි මේ වැඩේට ලංකාවේ හැමෝගෙන්ම උදවු ඕන.  ලංකාව‍ෙ අපේ දෙයක් වෙච්ච වාතෙ ලෝකෙට ගෙනියමු! වාතෙ ෆන් එක ලෝකෙ හැමෝඑක්කම බෙදාගමු! (මේ ක්‍රියාවලියේ වැදගත්කමයි ෆන් එකයි නොතේරෙන උදවිය මේ උතුම් වැඩේට උදැල්ල නොදා හිටින්න කියලා කරුණාවෙන් ඉල්ලා ඉන්නවා)

Comments

Popular posts from this blog

බයි ටොයි ගැටුම සුරකිමු!

පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්මා නම් කිරීමත් එක්ක විපක්ෂය කැළඹීමට පත්ව ඇතිබවක් පේනවා. ඒ අතර ගෝඨාභය හා තරඟ කරන්න "දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්" දමන බව එජාපයේ රංජන් රාමනායක මහතා කියලා තියෙනවා. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් කියලා මේ කෙකර ගගා කියන්නෙ සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයට නම්කරන්න උත්සාහ කරන බවයි. සජිත් ගෝඨාභයට තරඟයක් දෙන්න පුළුවන් බව හිතෙන්නෙ සජිත්ට ගෝඨාභයට සමාන ඡන්ද පදනමක් ඇති හින්දයි. මේ පදනම ග්‍රාමීය, අර්ධ ග්‍රාමීය සිංහල බෞද්ධ පදනමයි. ජනප්‍රිය අපේක්ෂකයෙක්ට සමාන පදනමක් ඇති වෙනත් අපේක්ෂකයෙක් නම් කරන්න එජාපය උත්සාහ කරන මුල් අවස්ථාව මෙය නෙවේ. මීට කලින් සරත් ෆොන්සේකා මහත්මා ඉදිරිපත් කරමින් කලෙත් මේ හා සමාන දෙයකුයි. මේ උපාය හින්දා කෙටිකාලීනව හෝ දිගුකාලීනව රටට හෝ එජාපයට සෙතක් නොවන බව මගේ අදහසයි. මේ වෙලාවේ ගෝඨාභයට ලොකු ඉල්ලුමක් රටේ ඇති බව ඇත්තක්. මේ ඉල්ලීම කරන්නෙ බහුතරයක් සිංහල-බෞද්ධ, ත්‍රස්තවාදයට සංවේදී, නාගරික ලස්සන ගැන සංවේදී, හොඳින් හෝ නරකින් රට ලස්සන කලයුතුයි හිතන ජනයා. ගෝඨාභය නියෝජනය කරන්නෙ මේ ඉල්ලීමයි. මේ ප්‍රවාහයට ලඟින්ම තැබිය හැකි අපේක්ෂකයා සජිත් (පාඨලීත් හොඳ ය

විනයක් නැතිකමත් ඇණයක්

මේ ඉන්නෙ මං කියන විදිහෙ හදිස්සිකාරයෝ දෙන්නෙක්! (Image Source: cdn.merchantmaverick.com) ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු ටික එක්කහු කරගත්තම ආයෙත් පාරක් චෙක් කරලයි බඩු ටිකත් දෙන්නෙ. කොහොම හරි බඩු ටික අරන් ඉවර වෙද්දි විනාඩි විස්සක් තිහක් ගිහිල්ලා.  ඔන්න ඔහොම වාත වෙවී ඉද්දි තමා ලංකාවට සුපර්මාර්කට් ආවේ.සුපර්මාර්කට් එකේ අපිට ඕන බඩු ටික කරත්තෙට දාගෙන ආවම, ලස්සනට ඇදල ඉන්න කැෂියර් නංගි (හෝ අක්කා) කැෂියර් එකෙන් ටකස් ගාලා බිල දාලා දෙනවා. වැඩේ හරි පහසුයි. පහසුවටත් වඩා ඔව්වට මිනිස්සු යන්නේ ආතල් එකට කියලයි ජෙහාන් ලොක්කනං කියන්නෙ (ග්‍රීස්මේ ඉවසගන්න බැරිව ඒ.සී. එක හොයන් එන අයත් නැතුවම නෙවේ). මට හිතෙන්නෙ නං ආතල් එක ද්වීතීකයි කියලයි.  මිනිස්සුන්ට වෙන ලේසිය ගැන හිතලමද කොහෙද ටික කාලයක් ගියාට පස්සේ ඔව්වයින්ම බිල් ගෙවන්නත් අවස්ථාව දුන්නා. අන්තිමට, කඩේ බඩු ගත්ත ඈයොන්ට වඩා බිල් ගෙවන උදවිය වැඩිඋනා!කොහොම හරි මං කියන්න හැදුවේ සුපර්මාර්කට් එකේ කැෂියර් පෝලිම සෑහෙන්න

මිනිසා පරදන මැෂින් මොළේ!

මේ වගේ පෙනුම විතරයි වැඩ නැති මැෂින් ගැන නෙවේ අද කතාව! Source:http:www.onestop.lk යන්ත්‍රවලට මිනිස්සුන්ට වඩා ඇතැම් දේවල් හොඳින් කරන්න පුළුවන් බව අපි කවුරුත් දන්න දෙයක්නේ. සාමාන්‍යයෙන් මොනවද මේ දේවල්? වාහනයකට පුළුවන් මිනිස්සු ගාණක් උස්සන් යන දේවල් එකපාර ප්‍රවාහනය කරන්න. මහන මැෂිමකට පුළුවන් මිනිහෙක්ට වඩා ඉතා වේගයෙන් මැහුම් කටයුතු කරන්න. කාර්මික රොබොවකුට පුළුවන් මිනිහෙක්ට කරන්න බැරි හරි සියුම් කැපීම් කරන්න.  මේ වගේ තව උදාහරණ තියෙන්න පුළුවන්. නමුත් මේ හැම උදාහරණෙකම පොදු ලක්ෂණයක් තියෙනවා. යන්ත්‍රය මොකක් හරි අංශයකින් මිනිහාට වඩා හොඳින් වැඩේ කරන බව ඇත්ත. නමුත් කරන්න ඕන වැඩේ මොකක්ද කියලා "හිතලා" කරන්න යන්ත්‍රයට පුළුවන් කමක් නෑ. ඒ දේ කියලා දෙන්න මිනිහෙක් ඉන්න ඕන. හැබැයි මේක සාම්ප්‍රදායික යන්ත්‍ර වලට අදාල දෙයක් විතරයි. 1900 ගණන් වල එනවා කෘතීම බුද්ධිය කියලා සංකල්පයක් (මැෂින් මොළේ කිව්වෙ ඔන්න ඕකටයි මං. සිංහල වචන සෑහෙන බරසාරයි. නැද්ද?). මෙච්චර කල් කියපු දේ කරන් හිටපු යන්ත්‍රවලට, අළුත් තත්ව යටතේ තීරණ ගන්න පුළුවන්ද කියලයි මෙතැනදි මිනිස්සු හොයලා බැලුවේ. උදාහරණෙකට, අපි ගමුකො වාහනයක්. ම