Skip to main content

Posts

රැග්කිරීම ලෝකයට ගෙනියමු!

පහුගිය දා කට්ටාකාඩුවේ ලොකු අයියයි යකා අඩවියේ  යකා මහත්තයයි රැග් සීසන් එක ගැන ලිපි දෙකක් ලියලා තිබ්බා දැක්කම මටත් හිතුනා ඒ ගැන වචනයක් දෙකක් ලියන්න. ලංකාවේ කැම්පස් වල මුල් දවස්ටිකේ වෙන දවස්වලට වඩා වෙනස් කටයුතු කීපයක් වෙනබව කට්ටියම දන්නවනෙ. ඕකට සමහරු කියනවා රැග් එක කියලා. ඔව්වා කාපුඅය ඒකට කියන්නෙ “ශිෂ්‍ය අනුගතකරණය” කියලා. ශිෂ්‍ය සංගංවල මහත්තුරුනං කියන්නෙ එහෙම දෙයක් නෑ කියලයි. එක එක අය එක එක නම් කියන හින්දා, මේ ලිපිය ඇතුලේ ඔය සංසිද්ධිය “වාතවීම” කියල හදුන්වමුකො. මුලින්ම කියන්න ඕන මේක ලියන මමනං ඔය සංසිද්ධිය අත්දැකලා නැති බව. ඒ හින්දා මේ ලියමනේ වැරැද්දක් අඩුපාඩුවක් දැක්කොත් වාත වුනු ඇත්තො පෙන්නලා දෙන්න ඕන හරිය? 

දැන් ඔය වාතවීම වාත වෙනකාලෙදිනන් පට්ට වාතයක් කියල හිතුනට, පස්සෙ කාලෙකදී ඒ අයට ඒ ගැන ලොකු අවුලක් නැතිපාටක් තමා පේන්නෙ. බොරුනං වාතවුනු කෙනෙක්ගෙන අහල බලන්නකො. මම ඇහුවමනං ඒ අය කියන්නෙම ඒක මාර අත්දැකීමක් කියලයි. සමහරු (මේ සමහරු කියලා කිව්වෙ වටින් බලන් ඉදලා පණ්ඩිතකම් කියන උදවිය) කියනවා වාතවුනාට පස්සෙ වාතෙ වාතයි කියල පිලිගන්න ලැජ්ජා හින්දා කට්ටිය බොරු කියනවා කියලා. සමහරු කියනවා වාත වෙන අය වාත…
Recent posts

ජාතික කොඩියෙන් කැරලිකරුවන් සැමරීම

අද* ඇමරිකාවේ නිවාඩු දවසක්. ලංකාව වගේ මාසකෙට නිවාඩු තුන හතරක් නැති ඇමරිකාවේ නිවාඩු දිනයක් නම් වෙන්නෙ සුවිශේෂි හේතුවකට. අද නිවාඩු දිනේ යුද්ධයෙන් මියගියපු සොල්දාදුවන් සිහිකිරීම වෙනුවෙන්. ඇමරිකාවේ සොල්දාදුවෙක් කිව්වම අපිට මතක් වෙන්නේ කොරියාවේ, ඉරාකයේ හරි ඇෆ්ගන්ස්ථානේ හරි ආක්‍රමණයක් කරපු සොල්දාදුවෙක්ව. හැබැයි ඇත්තටම මේ නිවාඩු දිනේ අවුරුදු ගාණක් පරණ නිවාඩුවක්. මුල්වරට මේ දිනේ සමරල තියෙන්නේ 1861 දී - ඒ සැමරුම ඇමරිකන් සිවිල් යුද්ධය වෙනුවෙන්. අද මං කට්ටිය‍ට ඇමරිකන් සිවිල් යුද්දෙ ගැන පොඩි විස්තරයක් දෙන්නයි හදන්නෙ. ඕක ගැන දන්න කෙනෙක් ඉන්නවනං පල්ලෙහා විස්තරේ කියවන්නැතුව අන්තිම ඡේදෙට යන්න තරහා නැතුව!





සිවිල් යුද්දෙ කිව්වට ඇත්තටම ඇමරිකාවෙ සිවිල් යුද්ද දෙකක්ම වෙලා තියෙනවා. කට්ටියම දන්නවනෙ ඇමරිකාවෙ මුලින් හිටියේ ස්වෙද්ශිකයන් කියලා. 1492දි කොලොම්බස් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට ගොඩබැස්සට පස්සෙ තමා ඇමරිකාව කියලා අයිටම් එකක් තියෙනවා කියල සුද්දො දැනගත්තෙත්. කොහොම හරි කතාවෙන් කතාව මේ බව දැනගෙන, එක එක ජාතියේ සුද්දො ඇමරිකාවේ තැන් තැන් වල ජනපද හදන් පදිංචි උනා. ඔහොම පදිංචි වෙලා ටික දවසක් යද්දි පදිංචි වෙච්චි ජනප…

විනයක් නැතිකමත් ඇණයක්

ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු ටික එක්කහු කරගත්තම ආයෙත් පාරක් චෙක් කරලයි බඩු ටිකත් දෙන්නෙ. කොහොම හරි බඩු ටික අරන් ඉවර වෙද්දි විනාඩි විස්සක් තිහක් ගිහිල්ලා. 

ඔන්න ඔහොම වාත වෙවී ඉද්දි තමා ලංකාවට සුපර්මාර්කට් ආවේ.සුපර්මාර්කට් එකේ අපිට ඕන බඩු ටික කරත්තෙට දාගෙන ආවම, ලස්සනට ඇදල ඉන්න කැෂියර් නංගි (හෝ අක්කා) කැෂියර් එකෙන් ටකස් ගාලා බිල දාලා දෙනවා. වැඩේ හරි පහසුයි. පහසුවටත් වඩා ඔව්වට මිනිස්සු යන්නේ ආතල් එකට කියලයි ජෙහාන් ලොක්කනං කියන්නෙ (ග්‍රීස්මේ ඉවසගන්න බැරිව ඒ.සී. එක හොයන් එන අයත් නැතුවම නෙවේ). මට හිතෙන්නෙ නං ආතල් එක ද්වීතීකයි කියලයි.  මිනිස්සුන්ට වෙන ලේසිය ගැන හිතලමද කොහෙද ටික කාලයක් ගියාට පස්සේ ඔව්වයින්ම බිල් ගෙවන්නත් අවස්ථාව දුන්නා. අන්තිමට, කඩේ බඩු ගත්ත ඈයොන්ට වඩා බිල් ගෙවන උදවිය වැඩිඋනා!කොහොම හරි මං කියන්න හැදුවේ සුපර්මාර්කට් එකේ කැෂියර් පෝලිම සෑහෙන්න දිගයි ඕං.

අන්තිමේ නිකං කඩෙන් බඩුගන්න වෙලායනවා කියලා සුපර්මාර්කට් ගියපු උදවිය සුපර්මාර්කට් පෝලිමේ…

සකර්බර්ග් අයිය්‍ෙ, කීයක් හරි දියන්!

අද ලෝකෙ සමාගමකට සල්ලි වලට ගන්න අමාරුම දේ මොකක්ද කියල ඇහුවොත් මොකක් කියලද හිතන්නේ? අමුද්‍රව්‍ය? නිදහසේ භාණ්ඩ එහා මෙහා යන ලෝකෙ, සල්ලි තියෙනවනං අමුද්‍රව්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්ණයක් නෙවේ; මිනිස් ශ්‍රමය උනත් එහෙමයි. මට හිතෙන හැටියට සමාගමකට සල්ලි දීලා ගන්න අද අමාරු එකම දේ ‘තොරතුරුයි’. කෙනෙක්ට හිතෙන්න පුළුවන් තොරතුරු උනත් සල්ලි දීලා ගන්න පුළුවන්නෙ කියලා. ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියනවා. හැබැයි සල්ලි තිබ්බ පලියට ඕනම තොරතුරක් සල්ලි වලට ගන්න බෑ. සල්ලි දීලා ගන්න පුළුවන් නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු විතරයි. උදාහරණෙකට, ලංකාවෙ තියෙන මහාමාර්ග වල දිග කියන්නෙ තොරතුරක්; ලංකාවෙ කොටස් මිල දර්ශකයේ අගය කියන්නෙ තොරතුරක්. හැබැයි මේවා නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු. ඕන කෙනෙක්ට ඇවිත් බලල මැනලා ඒ දේවල් දැනගන්න පුළුවන් බාධාවක් නැතිව. සල්ලි තියෙන කෙනෙක්ට පුළුවන් කාටහරි සල්ලි දීලා මේ තොරතුරු ලබාගන්න.

එතකොට සල්ලි වලට ගන්න බැරි/අමාරු තොරතුරු මොනවද? එහෙම ඒවා ගොඩක් තිබ්බට අද මම කතාකරන්නෙ ඒවා අතරින් ගන්න අමාරුම තොරතුරු වර්ගය ගැනයි - පුද්ගලික තොරතුරු. මම ගැන විස්තර, මම ආසා දේවල් ගැන විස්තර, මම ආදරේ කරන දේ…

මැයි දහ-අට ගැන හිතද්දිත් දුකයි!

දෙදාස්නමේ මැයි දහඅට අපි උපරිමෙන් සතුටක් වින්දා. ඕක මැයිදහඅට එකපාරට වෙච්ච එකක් නෙවේනේ. දවස් ගාණක් තිස්සේ පොඩි බිම්තීරුවක් වටකරන් කරන් හමුදාව හිටියා. මහින්ද මහත්තයා රටෙන් පිටව ඉඳල (දා හත්වෙනිදා මං හිතන්නෙ) කටුනායකට ඇවිත් පොලව ඉඹින කොටම මිනිස්සු කතාවුනා යුද්ධෙ අහවර වග. හැබැයි දැන් හිතද්දි  මැයි දහඅට කියන්නේ පට්ටම දුක දවසක්. මැයි දහඅට කියන්නේ අවුරුදු තුන-හතරක් තිස්සේ රටේ වියයුතුම වෙනස්කම් ගොඩක් කරපු පාලනයක් ඒ හරි වෙනස්කම් කරන එක නවත්තන්න පටන් ගත් තැන.  ලංකාවේ දෙමළ ප්‍රශ්නෙ කියන්නේ අවුරුදු ගාණක් වණයක් වෙච්ච තුවාලයක්. ඒ තුවාලේ ඉවසන්න බැරි තැන සමහර දෙමළුන් ආයුධ අතට ගන්නවා. එතනින් නවතින්නැතුව සාමාන්‍ය සිංහල මනුස්සයට පීඩනයක් වෙන විදිහට දකුණේ මිනිස්සු මරන්න බෝම්බ පුපුරන්න පටන් ගන්නවා. ඒ තත්වෙ ඇතුලේ ලංකාවේ රජයට තිබුණු එකම විසඳුම ඒ කණ්ඩායම් විනාශ කරන එකයි. අවුරුදු නමයක් ගත වුනාට පස්සෙත් මගේ අදහස ඒකයි. ඒ දේ කිරීම සෑහෙන්න අමාරු වැඩක්. ආණ්ඩු ගාණකට කරන්න බැරි වුනු ඒ වැඩේ අවුරුදු හතරකින් ඉවර කරපුඑක නිකන් හීනයක් වගේ.


අපි පොඩි කාලේ දන්න දවසෙ ඉඳන් යුද්ධෙ තිබ්බා. ඇත්තටම කොටි සංවිධානය පරද්දන්න පුළුවන් කියලා…

මිනිසා පරදන මැෂින් මොළේ!

යන්ත්‍රවලට මිනිස්සුන්ට වඩා ඇතැම් දේවල් හොඳින් කරන්න පුළුවන් බව අපි කවුරුත් දන්න දෙයක්නේ. සාමාන්‍යයෙන් මොනවද මේ දේවල්? වාහනයකට පුළුවන් මිනිස්සු ගාණක් උස්සන් යන දේවල් එකපාර ප්‍රවාහනය කරන්න. මහන මැෂිමකට පුළුවන් මිනිහෙක්ට වඩා ඉතා වේගයෙන් මැහුම් කටයුතු කරන්න. කාර්මික රොබොවකුට පුළුවන් මිනිහෙක්ට කරන්න බැරි හරි සියුම් කැපීම් කරන්න.  මේ වගේ තව උදාහරණ තියෙන්න පුළුවන්. නමුත් මේ හැම උදාහරණෙකම පොදු ලක්ෂණයක් තියෙනවා. යන්ත්‍රය මොකක් හරි අංශයකින් මිනිහාට වඩා හොඳින් වැඩේ කරන බව ඇත්ත. නමුත් කරන්න ඕන වැඩේ මොකක්ද කියලා "හිතලා" කරන්න යන්ත්‍රයට පුළුවන් කමක් නෑ. ඒ දේ කියලා දෙන්න මිනිහෙක් ඉන්න ඕන.

හැබැයි මේක සාම්ප්‍රදායික යන්ත්‍ර වලට අදාල දෙයක් විතරයි. 1900 ගණන් වල එනවා කෘතීම බුද්ධිය කියලා සංකල්පයක් (මැෂින් මොළේ කිව්වෙ ඔන්න ඕකටයි මං. සිංහල වචන සෑහෙන බරසාරයි. නැද්ද?). මෙච්චර කල් කියපු දේ කරන් හිටපු යන්ත්‍රවලට, අළුත් තත්ව යටතේ තීරණ ගන්න පුළුවන්ද කියලයි මෙතැනදි මිනිස්සු හොයලා බැලුවේ. උදාහරණෙකට, අපි ගමුකො වාහනයක්. මෙච්චර කල් වාහනය එලෙව්වේ මිනිස්සු. වාහනයට වේගයෙන් යන්න පුළුවන්. ගොඩක් බර උස්සන් යන්න පුළ…

ඉස්සරහට රස්සාවට ගහල යයිද?

2008 දි විතර ලංකාවට ආවා මචං කියලා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ හිටියා සුරේෂ් කියලා දෙමළ කොල්ලෙක්. මේ කොල්ලගේ මාමා කොළඹ හෝටලේක රස්සාවක් කරනවා. රස්සාව තමා ටොයිලට් එකට එන මිනිස්සුන්ට අත පිහින කොල කෑල්ලක් කඩල දෙන එක. ෆිල්ම් එකේ අන්තිමට, හෝටලේට එනවා අතපිහින කොල නිකුත් කරන මැෂින් එකක්. ඒ හින්දා මේ මනුස්සයගේ රස්සාව ගහල යනවා. අන්තිමේ ෆිල්ම් එකේ හැටියට මේවග දැනගත්ත ආවේගෙට සුරේෂ් මේ මැෂිම කඩලා දානවා.

මචං එකේ මේ සිද්ධිය අද මගේ ලිපියට පිවිසුමක් විදිහට ගන්නේ විශේෂ හේතුවකට. මෑත ඉතිහාසය පුරාවට විද්‍යාවේ දියුණුවත් එක්ක නොයෙක් රස්සාවල් තාක්ෂණය විසින් ඩැහැගෙන තියෙනවා. නමුත් මෙච්චරකල් ඒ විදිහට නැතිවුනේ ශ්‍රමය මූලික වුනු රස්සාවල්. උදාහරණෙකට කුඹුරක වැඩ කරපු හතර-පස් දෙනෙකුගේ රස්සාව ට්‍රැක්ටරය අත්කරන් තියෙනවා; දෙතුන් දෙනෙක් එකතු වෙලා කරපු ඇඳුම් මැසීම මහන මැසිම නිසා එක්කෙනෙකුට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වුනත් මානසික හැකියාවන් මත පදනම් වුන රස්සාවල් වලට - ලිපිකරුවන්, සංගීතකරුවන්, ගුරුවරු, ඉංජිනේරුවන් -  මේ දියුණුව මෙතෙක් ගැටළුවක් වුනේ නැහැ.

හැබැයි තාක්ෂණයේ (විශේෂයෙන් කෘතීම බුද්ධියේ -Artificial Intelligenc…