Skip to main content

සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට වීම

මේ දවස්වල ෆේස්බුක් එකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක සුද්දොන්ගෙ* ගුණ වැයීමයි. සුද්දෝ නං පට්ටම පට්ටය, උන් වගේ වෙන්න අපිටනං මේ කපේදීවත් බැරිය - පන්නයේ කතාය (මගේ ලේ කෝප කරපු පෝස්ටුව මෙතැනින් දැම්මා. ඕන් බලන්නකෝ.).

රට්ටු කියන කතා. ගත්තේ Sri Lankan Blood (Facebook)

 මේ වගේ ප්‍රලාප කියවන උදවිය එක්කෝ ෆිල්ම් බලලා සුද්දෝ ගැන නිගමන වලට ආපු අයයි. එහෙම නැත්තං ලංකාවට ආ ටුවරිස්ට්ලා දෙතුන් දෙනෙක් දිහා බලලා නිගමන වලට ආපු අයයි. පිටරටක මාස තුන-හතරක් ජීවත් වෙච්චි ඈයෝ සුද්දොන්ගේ ඔය කියන තරම් මෙව්වා එකක් නැතිබව හොඳාකාරවම දනිති!

ඇත්තෙන්ම කිව්වොත්, ලංකාවේ සාමාන්‍ය මිනිහෙක් සුද්දෙක්ට වඩා හොඳ ජීවන මට්ටමක් පවත්වන් යන බව මගේ හැඟීමයි. ලංකාවේ සාමාන්‍ය ආදාමක් ලබන මනුස්සයෙක් දෙයියනේ කියලා ඉඩමක් අරන් දාලා තට්ටුවක දෙකක ගේ කෑල්ලක් හදාගන්නෙ නැද්ද? ඔහොම දෙයක් පිටරටක කරන්න සෑහෙන සල්ලියක් හම්බකරන්න ඕනය.උන් එහෙම නොකරන්නේ බැරිකමකට මිසක් අල්පේච්ඡතාවයක් හින්දා නොවන බවයි මගේ වැටහීම. වෙඩින් එකක් ගත්තත් ඔච්චරය. ලොකු හෝටේල් එකක, හතරවරිගෙටම කියලා ලොකු මඟුලක් ගන්න (ප්‍රී ශූට් එකක් එහෙම කරලා) සුද්දො කැමති නෑ කියලද හිතන්නේ? හැබැයි එහෙම මගුලක් ගන්න පුළුවන් එහෙමත් සුද්දෙකුටයි.

ඇත්තටම ඔය පිටරටවල් වල ජීවන වියදම වහලෙටත් උඩය. ගෙදර රෙන්ට් එකම බර ගාණක්ය. ඊට උඩින් ඉන්ෂුවරන්ස්, ලෝන් ටික ගෙව්වම කට්ටය යන්නේ රිම් එකේය  ( මේ ලින්ක් එක ටිකක් බලමුකෝ. ඕව කියෙව්වනං අපිට එහෙන් ආධාර එපා කියනවා කට්ටිය). හැබැයි ඔය අස්සේ අයි-ෆෝන් එකක් එහෙමත් නොගත්තොත් රටේ ඉන්න බැරිය. ඒ හින්දා කොහොමෙන් හරි ඒ බොරු වියදම් ටිකටත් මුදල් හොයති. සමහර ඈයෝ ඔය වියදම් පියවන්න ජොබ් දෙකතුනක් කරති. සබ්වේ එකේ, වොල්මාට් එකේ, රජයේ කන්තෝරුවේ වැඩ කරන අය මේ දුක විදිති! ඉතිං, අල්පේච්ඡ උනානං වෙලාතියෙන්නේ ඕනකමකට වඩා නොහැකියාව හින්දයි මට හිතනෙ විදිහට.

ඕන් මගේ උත්තර ටික

1. පිටරට මිනිහගේ කියලා අමුතු සරල බවක් නැත (සරලකම හොයන්න ගොහින් කරගත්තා මදිද?). සල්ලි තියෙන මිනිහා ඕවා ලංකාවටත් වඩා උජාරුවෙන් කරයි.
2. පිටරටවල පගාව, දුෂණය අඩුයි. නිතිගරුක බව, විනය වැඩියි. මේවා කාලයක් තිස්සේ ඒ රටවල් ගොඩනගා ගත් දේවල්. ඇති යන්තං ඇත්ත කතාවක් කිව්වා!
3. පිටරටවල ක්ඳාති සංග්‍රහය නෑයි කියන එකත් බොරුවක්. ඔය ට්‍රම්ප් ලොක්කත් බෑණව (සහ දුවව) ලොකුතැන් දෙකතුනකටම දාන් ඉන්නේ!. හැබැයි සමාගම් වල කාර්යක්ෂමතාවය සඳහා ඔය දේවල් සලකනවා අඩුයි තමා (ලංකාවෙත් පෞද්ගලික අංශේ ඔය කතන්දරේ අඩුයිනෙ). සහ, රටේ ජනතාව රජයේ අංශයේ ක්ඳාති සංග්‍රහයට විරුද්දවනං හරියට කතා කරනවා (මේන් එහෙම කතා කරන අයිය කෙනෙක්).
4. ව්‍යාපාර වලට තන්හාවක් නැතිව අතඅරින සිරිසඟබෝලා පිටරටවල්වල නැත.
5. පිටරටවල අය කල්ප ගාණකෙට දිව සැම්පත් මේ ජීවිතේම විඳලා (හෝ විඳින්න ට්‍රයි කර) මැරෙති.  එලොවක් ගැන අදහන උදවිය එලොව සැපටතත් ට්‍රයි කරති.

කොටින්ම කියනවනං ඔය හිතන් ඉන්න තරම් මෙව්වා එකක් සුද්දගේ නැතිය. නමුත් විවිධ හේතූන් නිසා පිටරට ජීවත් වෙන්න පහසුකම් වැඩි බවනං ඇත්තය. අපේ අයගේ ඇතැම් අවුල් තිබ්බත්, අපි පට්ට චාටර් - මෙලෝ රහක් නැති ජාතියක් නෙවේය කියන එකයි මගේ අදහස. අනික ඊලඟ පාර මේවගේ බොලඳ පෝස්ට් හදන උදවිය සිංහල බෞද්ධ අය විතරක් යහමගට ගන්න මෙහෙම පෝස්ට් හදන එකත් හරිමදිය. එතකොට අනික් කට්ටියට දුක හිතෙන්නත් ඇහැකි! ඒ නිසා සංහිඳියාවේ නාමෙන් - මේ බොරු කම්පැරිසන් වලට අනික ඈයොත් එකක්හුකරගන්න කියලයි මගේ ඉල්ලීම!



* මේ ලිපියේ සුද්ද කියලා කිව්වාට, මේ කියන එව්වා සුදු-කළු-තලෙළු සියළු පිටරැටියන්ට අදාල බව සලකන්න.


Comments

Popular posts from this blog

බයි ටොයි ගැටුම සුරකිමු!

පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්මා නම් කිරීමත් එක්ක විපක්ෂය කැළඹීමට පත්ව ඇතිබවක් පේනවා. ඒ අතර ගෝඨාභය හා තරඟ කරන්න "දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්" දමන බව එජාපයේ රංජන් රාමනායක මහතා කියලා තියෙනවා. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් කියලා මේ කෙකර ගගා කියන්නෙ සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයට නම්කරන්න උත්සාහ කරන බවයි. සජිත් ගෝඨාභයට තරඟයක් දෙන්න පුළුවන් බව හිතෙන්නෙ සජිත්ට ගෝඨාභයට සමාන ඡන්ද පදනමක් ඇති හින්දයි. මේ පදනම ග්‍රාමීය, අර්ධ ග්‍රාමීය සිංහල බෞද්ධ පදනමයි. ජනප්‍රිය අපේක්ෂකයෙක්ට සමාන පදනමක් ඇති වෙනත් අපේක්ෂකයෙක් නම් කරන්න එජාපය උත්සාහ කරන මුල් අවස්ථාව මෙය නෙවේ. මීට කලින් සරත් ෆොන්සේකා මහත්මා ඉදිරිපත් කරමින් කලෙත් මේ හා සමාන දෙයකුයි. මේ උපාය හින්දා කෙටිකාලීනව හෝ දිගුකාලීනව රටට හෝ එජාපයට සෙතක් නොවන බව මගේ අදහසයි. මේ වෙලාවේ ගෝඨාභයට ලොකු ඉල්ලුමක් රටේ ඇති බව ඇත්තක්. මේ ඉල්ලීම කරන්නෙ බහුතරයක් සිංහල-බෞද්ධ, ත්‍රස්තවාදයට සංවේදී, නාගරික ලස්සන ගැන සංවේදී, හොඳින් හෝ නරකින් රට ලස්සන කලයුතුයි හිතන ජනයා. ගෝඨාභය නියෝජනය කරන්නෙ මේ ඉල්ලීමයි. මේ ප්‍රවාහයට ලඟින්ම තැබිය හැකි අපේක්ෂකයා සජිත් (පාඨලීත් හොඳ ය

සකර්බර්ග් අයිය්‍ෙ, කීයක් හරි දියන්!

අද අප්‍ෙ කතාවේ කතානායකයන්ගෙන් එක්කෙනෙක් වෙච්ච අපේ හිතාදර සකර්බර්ග් අයියා (වමේ). Source: vox.com අද ලෝකෙ සමාගමකට සල්ලි වලට ගන්න අමාරුම දේ මොකක්ද කියල ඇහුවොත් මොකක් කියලද හිතන්නේ? අමුද්‍රව්‍ය? නිදහසේ භාණ්ඩ එහා මෙහා යන ලෝකෙ, සල්ලි තියෙනවනං අමුද්‍රව්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්ණයක් නෙවේ; මිනිස් ශ්‍රමය උනත් එහෙමයි. මට හිතෙන හැටියට සමාගමකට සල්ලි දීලා ගන්න අද අමාරු එකම දේ ‘තොරතුරුයි’. කෙනෙක්ට හිතෙන්න පුළුවන් තොරතුරු උනත් සල්ලි දීලා ගන්න පුළුවන්නෙ කියලා. ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියනවා. හැබැයි සල්ලි තිබ්බ පලියට ඕනම තොරතුරක් සල්ලි වලට ගන්න බෑ. සල්ලි දීලා ගන්න පුළුවන් නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු විතරයි. උදාහරණෙකට, ලංකාවෙ තියෙන මහාමාර්ග වල දිග කියන්නෙ තොරතුරක්; ලංකාවෙ කොටස් මිල දර්ශකයේ අගය කියන්නෙ තොරතුරක්. හැබැයි මේවා නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු. ඕන කෙනෙක්ට ඇවිත් බලල මැනලා ඒ දේවල් දැනගන්න පුළුවන් බාධාවක් නැතිව. සල්ලි තියෙන කෙනෙක්ට පුළුවන් කාටහරි සල්ලි දීලා මේ තොරතුරු ලබාගන්න. එතකොට සල්ලි වලට ගන්න බැරි/අමාරු තොරතුරු මොනවද? එහෙම ඒවා ගොඩක් තිබ්බට අද මම කතාකරන්නෙ ඒවා අතරින් ගන්න

විනයක් නැතිකමත් ඇණයක්

මේ ඉන්නෙ මං කියන විදිහෙ හදිස්සිකාරයෝ දෙන්නෙක්! (Image Source: cdn.merchantmaverick.com) ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු ටික එක්කහු කරගත්තම ආයෙත් පාරක් චෙක් කරලයි බඩු ටිකත් දෙන්නෙ. කොහොම හරි බඩු ටික අරන් ඉවර වෙද්දි විනාඩි විස්සක් තිහක් ගිහිල්ලා.  ඔන්න ඔහොම වාත වෙවී ඉද්දි තමා ලංකාවට සුපර්මාර්කට් ආවේ.සුපර්මාර්කට් එකේ අපිට ඕන බඩු ටික කරත්තෙට දාගෙන ආවම, ලස්සනට ඇදල ඉන්න කැෂියර් නංගි (හෝ අක්කා) කැෂියර් එකෙන් ටකස් ගාලා බිල දාලා දෙනවා. වැඩේ හරි පහසුයි. පහසුවටත් වඩා ඔව්වට මිනිස්සු යන්නේ ආතල් එකට කියලයි ජෙහාන් ලොක්කනං කියන්නෙ (ග්‍රීස්මේ ඉවසගන්න බැරිව ඒ.සී. එක හොයන් එන අයත් නැතුවම නෙවේ). මට හිතෙන්නෙ නං ආතල් එක ද්වීතීකයි කියලයි.  මිනිස්සුන්ට වෙන ලේසිය ගැන හිතලමද කොහෙද ටික කාලයක් ගියාට පස්සේ ඔව්වයින්ම බිල් ගෙවන්නත් අවස්ථාව දුන්නා. අන්තිමට, කඩේ බඩු ගත්ත ඈයොන්ට වඩා බිල් ගෙවන උදවිය වැඩිඋනා!කොහොම හරි මං කියන්න හැදුවේ සුපර්මාර්කට් එකේ කැෂියර් පෝලිම සෑහෙන්න