Skip to main content

සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට වීම

මේ දවස්වල ෆේස්බුක් එකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක සුද්දොන්ගෙ* ගුණ වැයීමයි. සුද්දෝ නං පට්ටම පට්ටය, උන් වගේ වෙන්න අපිටනං මේ කපේදීවත් බැරිය - පන්නයේ කතාය (මගේ ලේ කෝප කරපු පෝස්ටුව මෙතැනින් දැම්මා. ඕන් බලන්නකෝ.).

රට්ටු කියන කතා. ගත්තේ Sri Lankan Blood (Facebook)

 මේ වගේ ප්‍රලාප කියවන උදවිය එක්කෝ ෆිල්ම් බලලා සුද්දෝ ගැන නිගමන වලට ආපු අයයි. එහෙම නැත්තං ලංකාවට ආ ටුවරිස්ට්ලා දෙතුන් දෙනෙක් දිහා බලලා නිගමන වලට ආපු අයයි. පිටරටක මාස තුන-හතරක් ජීවත් වෙච්චි ඈයෝ සුද්දොන්ගේ ඔය කියන තරම් මෙව්වා එකක් නැතිබව හොඳාකාරවම දනිති!

ඇත්තෙන්ම කිව්වොත්, ලංකාවේ සාමාන්‍ය මිනිහෙක් සුද්දෙක්ට වඩා හොඳ ජීවන මට්ටමක් පවත්වන් යන බව මගේ හැඟීමයි. ලංකාවේ සාමාන්‍ය ආදාමක් ලබන මනුස්සයෙක් දෙයියනේ කියලා ඉඩමක් අරන් දාලා තට්ටුවක දෙකක ගේ කෑල්ලක් හදාගන්නෙ නැද්ද? ඔහොම දෙයක් පිටරටක කරන්න සෑහෙන සල්ලියක් හම්බකරන්න ඕනය.උන් එහෙම නොකරන්නේ බැරිකමකට මිසක් අල්පේච්ඡතාවයක් හින්දා නොවන බවයි මගේ වැටහීම. වෙඩින් එකක් ගත්තත් ඔච්චරය. ලොකු හෝටේල් එකක, හතරවරිගෙටම කියලා ලොකු මඟුලක් ගන්න (ප්‍රී ශූට් එකක් එහෙම කරලා) සුද්දො කැමති නෑ කියලද හිතන්නේ? හැබැයි එහෙම මගුලක් ගන්න පුළුවන් එහෙමත් සුද්දෙකුටයි.

ඇත්තටම ඔය පිටරටවල් වල ජීවන වියදම වහලෙටත් උඩය. ගෙදර රෙන්ට් එකම බර ගාණක්ය. ඊට උඩින් ඉන්ෂුවරන්ස්, ලෝන් ටික ගෙව්වම කට්ටය යන්නේ රිම් එකේය  ( මේ ලින්ක් එක ටිකක් බලමුකෝ. ඕව කියෙව්වනං අපිට එහෙන් ආධාර එපා කියනවා කට්ටිය). හැබැයි ඔය අස්සේ අයි-ෆෝන් එකක් එහෙමත් නොගත්තොත් රටේ ඉන්න බැරිය. ඒ හින්දා කොහොමෙන් හරි ඒ බොරු වියදම් ටිකටත් මුදල් හොයති. සමහර ඈයෝ ඔය වියදම් පියවන්න ජොබ් දෙකතුනක් කරති. සබ්වේ එකේ, වොල්මාට් එකේ, රජයේ කන්තෝරුවේ වැඩ කරන අය මේ දුක විදිති! ඉතිං, අල්පේච්ඡ උනානං වෙලාතියෙන්නේ ඕනකමකට වඩා නොහැකියාව හින්දයි මට හිතනෙ විදිහට.

ඕන් මගේ උත්තර ටික

1. පිටරට මිනිහගේ කියලා අමුතු සරල බවක් නැත (සරලකම හොයන්න ගොහින් කරගත්තා මදිද?). සල්ලි තියෙන මිනිහා ඕවා ලංකාවටත් වඩා උජාරුවෙන් කරයි.
2. පිටරටවල පගාව, දුෂණය අඩුයි. නිතිගරුක බව, විනය වැඩියි. මේවා කාලයක් තිස්සේ ඒ රටවල් ගොඩනගා ගත් දේවල්. ඇති යන්තං ඇත්ත කතාවක් කිව්වා!
3. පිටරටවල ක්ඳාති සංග්‍රහය නෑයි කියන එකත් බොරුවක්. ඔය ට්‍රම්ප් ලොක්කත් බෑණව (සහ දුවව) ලොකුතැන් දෙකතුනකටම දාන් ඉන්නේ!. හැබැයි සමාගම් වල කාර්යක්ෂමතාවය සඳහා ඔය දේවල් සලකනවා අඩුයි තමා (ලංකාවෙත් පෞද්ගලික අංශේ ඔය කතන්දරේ අඩුයිනෙ). සහ, රටේ ජනතාව රජයේ අංශයේ ක්ඳාති සංග්‍රහයට විරුද්දවනං හරියට කතා කරනවා (මේන් එහෙම කතා කරන අයිය කෙනෙක්).
4. ව්‍යාපාර වලට තන්හාවක් නැතිව අතඅරින සිරිසඟබෝලා පිටරටවල්වල නැත.
5. පිටරටවල අය කල්ප ගාණකෙට දිව සැම්පත් මේ ජීවිතේම විඳලා (හෝ විඳින්න ට්‍රයි කර) මැරෙති.  එලොවක් ගැන අදහන උදවිය එලොව සැපටතත් ට්‍රයි කරති.

කොටින්ම කියනවනං ඔය හිතන් ඉන්න තරම් මෙව්වා එකක් සුද්දගේ නැතිය. නමුත් විවිධ හේතූන් නිසා පිටරට ජීවත් වෙන්න පහසුකම් වැඩි බවනං ඇත්තය. අපේ අයගේ ඇතැම් අවුල් තිබ්බත්, අපි පට්ට චාටර් - මෙලෝ රහක් නැති ජාතියක් නෙවේය කියන එකයි මගේ අදහස. අනික ඊලඟ පාර මේවගේ බොලඳ පෝස්ට් හදන උදවිය සිංහල බෞද්ධ අය විතරක් යහමගට ගන්න මෙහෙම පෝස්ට් හදන එකත් හරිමදිය. එතකොට අනික් කට්ටියට දුක හිතෙන්නත් ඇහැකි! ඒ නිසා සංහිඳියාවේ නාමෙන් - මේ බොරු කම්පැරිසන් වලට අනික ඈයොත් එකක්හුකරගන්න කියලයි මගේ ඉල්ලීම!



* මේ ලිපියේ සුද්ද කියලා කිව්වාට, මේ කියන එව්වා සුදු-කළු-තලෙළු සියළු පිටරැටියන්ට අදාල බව සලකන්න.


Comments

Popular posts from this blog

බයි ටොයි ගැටුම සුරකිමු!

පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්මා නම් කිරීමත් එක්ක විපක්ෂය කැළඹීමට පත්ව ඇතිබවක් පේනවා. ඒ අතර ගෝඨාභය හා තරඟ කරන්න "දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්" දමන බව එජාපයේ රංජන් රාමනායක මහතා කියලා තියෙනවා. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් කියලා මේ කෙකර ගගා කියන්නෙ සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයට නම්කරන්න උත්සාහ කරන බවයි. සජිත් ගෝඨාභයට තරඟයක් දෙන්න පුළුවන් බව හිතෙන්නෙ සජිත්ට ගෝඨාභයට සමාන ඡන්ද පදනමක් ඇති හින්දයි. මේ පදනම ග්‍රාමීය, අර්ධ ග්‍රාමීය සිංහල බෞද්ධ පදනමයි. ජනප්‍රිය අපේක්ෂකයෙක්ට සමාන පදනමක් ඇති වෙනත් අපේක්ෂකයෙක් නම් කරන්න එජාපය උත්සාහ කරන මුල් අවස්ථාව මෙය නෙවේ. මීට කලින් සරත් ෆොන්සේකා මහත්මා ඉදිරිපත් කරමින් කලෙත් මේ හා සමාන දෙයකුයි. මේ උපාය හින්දා කෙටිකාලීනව හෝ දිගුකාලීනව රටට හෝ එජාපයට සෙතක් නොවන බව මගේ අදහසයි. මේ වෙලාවේ ගෝඨාභයට ලොකු ඉල්ලුමක් රටේ ඇති බව ඇත්තක්. මේ ඉල්ලීම කරන්නෙ බහුතරයක් සිංහල-බෞද්ධ, ත්‍රස්තවාදයට සංවේදී, නාගරික ලස්සන ගැන සංවේදී, හොඳින් හෝ නරකින් රට ලස්සන කලයුතුයි හිතන ජනයා. ගෝඨාභය නියෝජනය කරන්නෙ මේ ඉල්ලීමයි. මේ ප්‍රවාහයට ලඟින්ම තැබිය හැකි අපේක්ෂකයා සජිත් (පාඨලීත් හොඳ ය...

රැග්කිරීම ලෝකයට ගෙනියමු!

පහුගිය දා  කට්ටාකාඩුවේ ලොකු අයියයි යකා අඩවියේ  යකා මහත්තයයි  රැග් සීසන් එක ගැන ලිපි දෙකක් ලියලා තිබ්බා දැක්කම මටත් හිතුනා ඒ ගැන වචනයක් දෙකක් ලියන්න. ලංකාවේ කැම්පස් වල මුල් දවස්ටිකේ වෙන දවස්වලට වඩා වෙනස් කටයුතු කීපයක් වෙනබව කට්ටියම දන්නවනෙ. ඕකට සමහරු කියනවා රැග් එක කියලා. ඔව්වා කාපුඅය ඒකට කියන්නෙ “ශිෂ්‍ය අනුගතකරණය” කියලා. ශිෂ්‍ය සංගංවල මහත්තුරුනං කියන්නෙ එහෙම දෙයක් නෑ කියලයි. එක එක අය එක එක නම් කියන හින්දා, මේ ලිපිය ඇතුලේ ඔය සංසිද්ධිය “වාතවීම” කියල හදුන්වමුකො. මුලින්ම කියන්න ඕන මේක ලියන මමනං ඔය සංසිද්ධිය අත්දැකලා නැති බව. ඒ හින්දා මේ ලියමනේ වැරැද්දක් අඩුපාඩුවක් දැක්කොත් වාත වුනු ඇත්තො පෙන්නලා දෙන්න ඕන හරිය?  දැන් ඔය වාතවීම වාත වෙනකාලෙදිනන් පට්ට වාතයක් කියල හිතුනට, පස්සෙ කාලෙකදී ඒ අයට ඒ ගැන ලොකු අවුලක් නැතිපාටක් තමා පේන්නෙ. බොරුනං වාතවුනු කෙනෙක්ගෙන අහල බලන්නකො. මම ඇහුවමනං ඒ අය කියන්නෙම ඒක මාර අත්දැකීමක් කියලයි. සමහරු (මේ සමහරු කියලා කිව්වෙ වටින් බලන් ඉදලා පණ්ඩිතකම් කියන උදවිය) කියනවා වාතවුනාට පස්සෙ වාතෙ වාතයි කියල පිලිගන්න ලැජ්ජා හින්දා කට්ටිය බොරු කියනවා කියලා. සමහ...

ජාතික කොඩියෙන් කැරලිකරුවන් සැමරීම

අද* ඇමරිකාවේ නිවාඩු දවසක්. ලංකාව වගේ මාසකෙට නිවාඩු තුන හතරක් නැති ඇමරිකාවේ නිවාඩු දිනයක් නම් වෙන්නෙ සුවිශේෂි හේතුවකට. අද නිවාඩු දිනේ යුද්ධයෙන් මියගියපු සොල්දාදුවන් සිහිකිරීම වෙනුවෙන්. ඇමරිකාවේ සොල්දාදුවෙක් කිව්වම අපිට මතක් වෙන්නේ කොරියාවේ, ඉරාකයේ හරි ඇෆ්ගන්ස්ථානේ හරි ආක්‍රමණයක් කරපු සොල්දාදුවෙක්ව. හැබැයි ඇත්තටම මේ නිවාඩු දිනේ අවුරුදු ගාණක් පරණ නිවාඩුවක්. මුල්වරට මේ දිනේ සමරල තියෙන්නේ 1861 දී - ඒ සැමරුම ඇමරිකන් සිවිල් යුද්ධය වෙනුවෙන්. අද මං කට්ටිය‍ට ඇමරිකන් සිවිල් යුද්දෙ ගැන පොඩි විස්තරයක් දෙන්නයි හදන්නෙ. ඕක ගැන දන්න කෙනෙක් ඉන්නවනං පල්ලෙහා විස්තරේ කියවන්නැතුව අන්තිම ඡේදෙට යන්න තරහා නැතුව! මේ තියෙන්නේ ආර්ලින්ග්ටන් නුවර තියෙන කොන්ෆෙඩරේට් සොහොනක්. මැයි 28 සැමරුම වෙනුවෙනුයි ඇමරිකන් කොඩි ගහල තියෙන්නේ (Image Source: familylocket.com). සිවිල් යුද්දෙ කිව්වට ඇත්තටම ඇමරිකාවෙ සිවිල් යුද්ද දෙකක්ම වෙලා තියෙනවා. කට්ටියම දන්නවනෙ ඇමරිකාවෙ මුලින් හිටියේ ස්වෙද්ශිකයන් කියලා. 1492දි කොලොම්බස් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට ගොඩබැස්සට පස්සෙ තමා ඇමරිකාව කියලා අයිටම් එකක් තියෙනවා කියල සුද්දො දැනගත්තෙත්....